• Breaking News

    තුන්ප්‍රයාමය පෝට් සිටියේදී කිඹුලන් නිසා ද්විප්‍රයාමයක් වෙලා!


    තුන්ප්‍රයාම කියන්නෙ ක්‍රීඩා ඉසව් තුනක් එකට පවත්වන තරග අංශයක්. සයිකල් පැදීම, මැරතන් දිවීම හා පිහිනීම අංශ තුනේ කිලෝ මීටර ගණනක් ක්‍රියාත්මක වන මේ තරග ලංකාවේ එතරම් ප්‍රචලිත නැතත් ලෝකයේ ජනප්‍රිය තරගයක්.


    මේ තරග ජාත්‍යන්තර මට්ටමේ පවත්වන විට මුලින් කි.මී.1.5 ක් පිහිනා ඉන්පසුව කි.මී. 45 ක් සයිකලය පැද අනතුරුව කි.මී.10 ක් දිවීමෙන් අවසන් වෙනවා.

    ඒ නිසා මෙම තරග ඉසව්ව තුන්ප්‍රයාම ( Triathlon ) යනුවෙන් හැඳින්වෙනවා. 


    ඔබ දන්නවාද මෙවැනි ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරගයක් නොබෝදා පෝට් සිටිය තුළ පැවති බව. 


    ජාත්‍යන්තර තරග කරුවන් 400 ක් පමණ සහභාගි වූ මෙම තුන්ප්‍රයාමය අවසානයේ පවත්වා ඇත්තේ පිහිනීම් කොටස නොමැතිව සයිකල් පැදීම හා දිවීමෙන් පමණක් වීම ඉතිහාස ගත කරුණක් බවට පත්ව තිබෙනවා. 

    මෙයට හේතුව වී ඇත්තේ පෝට් සිටිය අවට මුහුදේ මිනීමරු කිඹුලන් සිටින බවට අවසන් මොහොතේ ලැබුණු අනතුරු ඇඟවීම නිසයි.


    ලංකාවේ සංචාරක ව්‍යාපාරයටද වැදගත් වූ ජාත්‍යන්තර ඉසව්වක් මෙලෙස නෝන්ඩි වී අවසන් වීමේ වගකීම අවසන් මොහොතේ ලකුණු දමා ගැනීමට මෙයට එක්වූ කොළඹ පුරපතිනි ව්‍රායි බලතසාර් හා ක්‍රීඩා ඇමති සුනිල් පතෝල කුමාර ගමගේ විසින් භාර ගත යුතුව තිබෙනවා.  

    ජාත්‍යන්තර සමාගමක් වන Ironman විසින් සංවිධානය කරන ලද මේ තරගය පෝට් සිටිය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් යුතුව සිදු කෙරුණත් අවසානයේ වූයේ පෝට් සිටිය අවට කිඹුලන් සිටින තැනක් බව පෙන්වීමත් ඒ අනුවව් එය හෑල්ලුවට ලක් කිරීමත් බව වාර්තා වෙනවා.


    ලංකාවේ සංවිධායක වරයකු ලෙස කටයුතු කර ඇත්තේ යසස් හේවගේ නම් මාලිමා රජයට සම්බන්ධ අයෙක්.එසේ තිබියදීත් මෙහි පැමිණි විදේශිකයන් හමුවේ තරගය අල කරවීම ගැනත් මෙහි මාධ්‍ය මෙහෙයවූවන් තුන්ප්‍රයාමය අවසානයේ ද්විප්‍රයාමයක් වීම ජනතාවගෙන් සැඟවීමත් පුදුමයට කරුණක්.


    මේ ගැන lankasportsnews වෙත අදහස් දැක්වූ අයකු පැවසුවේ මීට පෙර 2019 දී මෙම සංවිධායකයන් විසින්ම කොළඹ පැවැත්වූ තුන්ප්‍රයාම තරගාවලිය ඉතා සාර්ථකව පැවැති බවයි. මෙම ඉසව්වට සහභාගි වන තරගකරුවකුගෙන් ඇතුළත් වීමේ ගාස්තුව වශයෙන් පමණක් ඩොලර් 350- 500 ත් අතර ප්‍රමාණයක් අය කර තිබෙනවා. අවසානයේ සිදුව ඇත්තේ ප්‍රමෝට් කරන්න ගිය පෝට් සිටිය ඩිමෝට් කර ගැනීමක්.



    No comments