• Breaking News

    කෝචින් බැරි එකා කෝච්ලගෙ හෙඩ් කරලා


    මෑත කාලයේ ලංකාවේ ක්‍රිකට් පරිහානියේ මහ පරිමාණ දායකයකු වුණේ සනත් ජයසූරියයි. අති දක්ෂ ක්‍රීඩකයකු වුණත් ඔහුට ක්‍රිකට් පුහුණුකාර කමක් කරන්න බැරි බව ඔප්පු වී හමාරයි. ඔහු ශ්‍රී ලංකා පිලේ පුහුණුකාරිත්වය ෂම්මිලාට බලපෑම් කොට ලබා ගනිද්දී මොන ලෙවල් එකකවත් පුහුණු පාඨමාලාවක් හදාරා හෝ සිටියෙ නැහැ.


    පුහුණුකාරිත්වය දරණ අතර තුර නේපාලයේ පැවති අයිසීසී ලෙවල් 3 පාඨමාලාව හැදෑරීමට ගියත් එහි සහතිකය තවමත් ලබා ගෙන නැහැ.

     සහතිකය ලැබෙන්නේ පාඨමාලාවට පසුව ඔහු විසින් කළ යුතු ප්‍රායෝගික කටයුතු නිම කොට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.


    එම ප්‍රායෝගික කොටස කළ යුත්තේ ඔහු වුණත් ඒ සියල්ල ඔහු වෙනුවෙන් සිදු කරන්නේ HPC හෙවත් ඛෙත්තාරාමයේ පිහිටි උසස් තාක්ෂණික මධ්‍යස්ථානයේ උපදේශකයන් විසින් බව බොහෝ දෙනෙක් දන්නෙ නැහැ.


    ඉතින් මේ කෝචින් වලින් ෆේල් වෙච්ච සනත් ගැරී කර්ස්ටන්ට ඉඩ සලස්වමින් ප්‍රධාන පුහුණුකාර කමෙන් ඉල්ලා අස් වුණත් ෂම්මිලාට බලපෑම් කොට නැවත HPC ප්‍රධානියා ලෙස මෙතෙක් ලබපු ඩොලර් 25,000 මාසික වැටුපටත් වඩා වැඩි වැටුපකට ( ගණන අපි හරියටම පසුව කියන්නම් ) පත්ව යාමට නියමිතයි. ඒ දැනට එම අංශය භාරව ඉන්න ජෙරොම් ජයරත්නටත් වඩා උඩින්.


    මෙය රජ කාලේ රජු හිනැස්සීම වෙනුවෙන් අන්දරේට ගම්වරයක් ලබා දීම හා සමානයි.


    කෝචින් බැරි එකාට කෝචින් අංශයම භාර දුන්නා හා සමාන මේ පත්වීම ගැන කියන්න තියෙන්නෙ HPC එකටත් අබ සරණයි කියලයි.


     තමන් කියන දෙයක් අහන්නෙ නැති ක්‍රීඩකයන්ගෙන් පළි ගන්න සනත් ඉදිරියේ කෝචින් සෙක්ෂන් එකේ කෝච්ලගෙනුත් පළි ගන්න එක සිකුරුයි.ජෙරොම් ජයරත්නටත් වෙන ජොබ් එකක් හොයා ගන්න වෙන එකත් සිකුරුයි.


    අන්තිමේ ගැරී කර්ස්ටනුත් මාස කිහිපයකින් දාල නොගියොත් පුදුම වෙන්න දෙයක් නැහැ.


    තරග වලට කලින්දා රාත්‍රියේ ක්‍රීඩාංගණයට ගොස් රබර් සෙරෙප්පුවෙන් පිච් එක පිස දමා මතුවන තණකොළ ටිකත් කතුරෙන් කප්පවන පුහුණුකරුවෙක් හා හැම විටම දිනන්න කැපෙන තණතීරුවක්ම අවශ්‍ය පුහුණුකරුවකු ගැන ඔබ මීට පෙර අසා තිබෙනවාද ? 


    අන්තිමේ වෙන්නේ එම තණතීරු වල විරුද්ධ පිලේ බාග දඟ පන්දු යවන්නො ඉදිරියේත් අපේ පිතිකරුවො ඇඹරෙන එකයි. දැන දැනම මේ වැරැද්ද කිරීම නිසා පහුගිය ලෝක කුසලාන තරගාවලියේ අපිට සිදු වුණු දේ හැමෝම දැක්කා.

    නොදැක්කේ අසාම් අමීන්ලා , රසල් ආනෝල්ඩ්ලා හා මහා විශ්ලේෂක ගෙවිදුලා විතරයි.

    මොවුන් කරන්නේ නින්දේ සිටි රජුගේ ඇඟේ වසන මැස්සන්ට කඩුවෙන් කොටන්න ගිය වඳුරාට සමාන කටයුත්තක්.

    කොහොම වුණත් ඩිල්ෂාන් තම දුව ඕස්ට්‍රේලියාවේ සිට ගෙන්වා කණිෂ්ඨ ජාතික කණ්ඩායමට රිංගවා ගත් ආකාරයටම සනත් තමන්ගේ පුත්‍රයාවත් ශ්‍රි ලංකා ඉමර්ජින් හෝ ඒ කණ්ඩායමට රිංගවා ගන්නා තෙක් HPC එකේ සිටින බව සිකුරුයි යනුවෙන් කියන්නේ එහි පුහුණුකරුවන්මයි. මේ අපි කියන කතාවක් නෙවෙයි. මේ යන විදියට ෂම්මිලා දවසක ගෙදර යන්නේ අපේ ක්‍රිකට් බිංදුවෙනුත් පහළට දමල කියල lankasportsnews කියන්නේ කැට තියලා.

    No comments