ක්‍රිකට් හොරුන් ගැන සීඅයිඩිය පරීක්ෂණ ආරම්භ කරයි.
ක්‍රිකට් ආයතනයේ දූෂණ හා වංචා වත්මන් ආණ්ඩුව යටතේත් යට ගසා ඇතැයි ජනතාවගෙන් චෝදනා ලැබෙද්දී සීඅයිඩිය මගින් දැන් ක්‍රිකට් වංචා පිළිබඳ විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
සීඅයිඩිය විසින් මෙම විමර්ෂණ ආරම්භ කර ඇත්තේ පසුගිය දිනවල විවිධ පාර්ශ්ව මගින් ක්‍රිකට් පරිපාලනයේ සිටින්නන්ගේ වත්කම් බැරකම් හා දූෂණ පිළිබඳව සීඅයිඩියට කරන ලද පැමිණිලි අනුවයි.
මේ අනුව පසුගිය සතියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගණකාධිකාරි වරයා කිහිප වතාවක් ප්‍රශ්න කිරීම සඳහා සීඅයිඩියට කැඳවා තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර පරිපාලන කළමනාකරු කැඳවා පැය හතක් මුළුල්ලේ ප්‍රශ්න කොට තිබෙන අතර එම ප්‍රකාශ අනුව ඉදිරියේදී තෝරුන් හා මෝරුන් කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව සීඅයිඩියේ ප්‍රකාශකයෙක් lankasportsnews වෙත පැවසුවා.
මෙම විමර්ෂණ වලදී පසුගිය ලෝක කුසලාන තරගාවලියක ඕස්ට්‍රේලියාවට නිලධාරීන් හා නිළියන් ගිය ආකාරය පිළිබඳ විශේෂයෙන් සළකා බලා ඇතැයි වාර්තා වෙනවා.
මෙම චෝදනා කෝප් කමිටුවේද විමර්ෂණයට ලක් වුණත් එම කෝප් කමිටුවේ නිල කාලය අවසන් වීමත් සමග ඒවා යට ගොස් ඇති අතර අල්ලස් කොමිසමද මෙම චෝදනා ගැන වැඩි දුර විමර්ෂණ කිරීම හෙට අනිද්දා ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර රට පුරා ෂම්මි පන්නනු යනුවෙන් පැන නැගෙන විශාල විරෝධය හමුවේ ජනාධිපතිවරයාද මෙම පරීක්ෂණ කඩිනමින් පවත්වන ලෙස නියෝග කර ඇතැයිද වාර්තා වෙනවා.

No comments