• Breaking News

    ක්‍රිකට් නිසා හඳුනෙත්තිලත් වැටුණු තැනක්.!


    කෝප් කමිටුවේ සභාපති ලෙස සිටියදී ක්‍රිකට් වල දූෂණ වංචා ගැන සුනිල් හඳුනෙත්ති ඇමතිවරයා නිරතුරුව කතා කළා. කෝප් කමිටු සභාපති ලෙස කටයුතු කරද්දී ඔහු කටයුතු කළ ආකාරය අනුව මාලිමා රජයේ බලවත් අමාත්‍ය ධූරයකට පත් වූ පසු ඔහු ෂම්මි ඇතුළු ක්‍රිකට් පාලක නඩයට හොඳ පාඩමක් උගන්වනු ඇතැයි ක්‍රිකට් වලට ආදරේ ජනතාව සිතා සිටියත් සිදු වූයේ ඔහුත් ෂම්මිලාගේ සුවච කීකරු බලු කුක්කකු බවට පත් වීමයි.


    තම චන්ද බල ප්‍රදේශය වන මාතර පොල්හේනේ ජාත්‍යන්තර මට්ටමේ කාන්තා ක්‍රිකට් ඇකඩමියක් හා ක්‍රීඩා පිටියක් ඉදි කර දෙන බවට ප්‍රමෝද්‍ය හරහා ෂම්මිලා දුන් පොරොන්දුව හා වෙනත් දේ අනුව කෝප් කමිටුවේදී ෂම්මිලාට එරෙහිව සිංහ නාද කළ සුනිල් හඳුනෙත්ති දැන් සුවච කීකරු බලු කුක්කෙක් ගානට වැටිලා.


    මාතර මිනිස්සු තාමත් මේ පිට්ටනියට මුල්ගලක් තියන කල් බලන් ඉන්නවා. ජනාධිපති අනුර කුමාරත් පහුගිය දාක ක්‍රිකට් පරිපාලනය සුද්ධ කරන්න ඕන කියල කිව්ව එකේ හඳුනුත් හෘදයසාක්ෂිය අවදි කරනු ඇතැයි අපි හිතනවා. ක්‍රිකට් නිසා හඳුනෙත්තිලත් වැටුණු තැනක්..!

    No comments