• Breaking News

    පාසල් ක්‍රිකට් නිලවරණයටත් බලු පොරයක් - එන්නෙ ක්‍රිකට් දියුණු කරන්නල


    ලංකාවෙ පාසල් මට්ටමේ තරගාවලි වැඩියි. තරග වැඩියි. 17 න් පහළ ක්‍රීඩකයෙක් මුළු අවුරුද්දෙම ක්‍රීඩා කරනවා. ඉස්සර වගේ තරගයකට පස්සෙ දින ගණනක් ඊළඟ තරගෙට සූදානම් වෙන්න පුහුණුවීම් කරන්න කාලයක් නැහැ. ළමයින්ට පන්ති කාමරයක ඉගෙන ගන්න වෙලාවක් නෑ. ඉස්සර පළමු පෙළ මැච් සීසන් එකටම ගැහුවෙ 10 ක් නැත්තන් 12 ක්.ඒත් ඒ මැච් ටිකෙන් ලකුණු දහස ඉක්මවපු විකට් 100 ගත්තු ක්‍රීඩකයො ඕන තරම් හිටියා.


    ෆස්ට් ලෙවන් මැච් ගැහුවෙ සිකුරාදා හා සෙනසුරාදා විතරයි.ළමයින්ට ඉස්කෝලෙ පාඩු වෙන්නෙත් එක දවසයි.ඉරිද රෙස්ට් එකක් අරන් දවස් හතරක් ප්‍රැක්ටිස් කරනවා අනික් මැච් එක වෙනකල්.වැරදි හදා ගන්න ඕන තරම් කල් තියෙනවා.

     ඔහොම ක්‍රිකට් ගහලත් ඕන තරම් හොඳ ක්‍රීඩකයො ජාතික තලයට බිහි වුණා.


    ආ.. තව එකක්.ඒ කාලෙ ක්‍රිකට් භාර ආචාර්ය වරු වැඩ කළේ ස්වෙච්ඡාවෙන්. ක්‍රිකට් වලටයි, ළමයින්ටයි ඉස්කෝලෙටයි තමන් කරන වෘත්තීයටයි පුදුම ආදරේකින්. ලෙන්ගතුකමෙන්. ගරුත්වයක් ඇතිව.


    පාසල් සංගමයට පත් වුණෙත් ගරු සේවයක් කරන්න. 

    අද පාසල් සංගමේ නිලයක් දරන්න එන අයට කල්ල මරේ. 

    ක්‍රිකට් බෝඩ් එකෙන් රුපියල් 50,000 කට වැඩි දීමනාවක් හම්බ වෙනවා ඉහළ නිලතල දරණ අයට.

    තරගාවලි ලේකම් වරුන්ටත් දීමනාවක් ලැබෙනවා. මීටින් වලට කොළඹ එනකොටත් ප්‍රවාහන දීමනාවක් හම්බ වෙනවා.


    මහ ක්‍රිකට් තරග වලට මැච් කොමිෂනර් නමින් පට්ටමක් හදා ගත්ත මේ කොමිටි මෙම්බර්ලා බෙදාගෙන බිග් මැච් වලට ගිහින් ඒකෙනුත් ගානක් කපා ගන්නවා.


    ඊළඟට 17 න් පහළ 19 න් පහළ ජාතික කණ්ඩායම් සමග පාසල් නිලධාරියා හැටියට යන්නෙත් මේ කොමිටි මෙම්බර්ලාමයි. එතනත් දිනපතා ඩොලර් දීමනාවක් ගන්නවා.


    අවංකවම ගරු සේවයක් ලෙස ක්‍රිකට් භාර ගුරුවරුන් ලෙස සේවය කරන අය හිටියත් ගොඩක් මෙවැනි ගුරුවරුන් ක්‍රිකට් තරග වලට කියා ළමයින්ගෙන් මුදල් එකතු කර ගාණක් යටි මඩි ගහන බව ප්‍රසිද්ධ රහසක්.

    මේ සිද්ධියේදී අදාල පුහුණුකරුවනුත් හවුල් කරුවන් බවට පත් වෙනවා.

    පාසල් සංගමයේ සභාපති වෙන්නේ විදුහල්පතිවරයෙක්. ඔහුටත් ආසියානු කුසලාන ලෝක කුසලාන වැනි නිල සංචාර ක්‍රිකට් බෝඩ් එකෙන් ලැබෙනවා. නිකම් නෙවෙයි නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර හා ඩොලර් දීමනාවක් සමග.

    ඒ නිසා පාසල් ක්‍රිකට් සභාපති වෙන්නත් තියෙන්නෙ තරගයක්.

     ලේකම් වෙන්න හැම අවුරුද්දෙම තියුණු තරගයක් තියෙනවා.


    මේ පාර නිලවරණය හෙට අනිද්දා පැවැත්වෙන්න නියමිතයි. මේ වෙනකොට ලේකම් වෙන්න හතර දෙනෙක් තරග වදිනවා.



    ඒ අතර ගුවන් විදුලි විස්තර විචාරයේ මහා විහිළුකාරයාගේ හොඳම සගයාත් ඉදිරිපත් වෙලා මහා ලොකු සෝෂල්මීඩියා කැම්පේන් එකකුත් කරනවා.


    අපේ රටේ පාසල් ක්‍රීඩාව මෙතෙක් පවත්වාගෙන යාමට පාසල් ක්‍රිකට් සංගමය මහඟු සේවාවක් කළ බව පිළිගත යුතුයි. ඒත් පාසල් ක්‍රිකට් මට්ටම බැසීමටත් මෑත යුගයේ එහි නිලතල දැරූවන් වග කිව යුතුයි. තමන්ට ලැබෙන පෞද්ගලික වාසි සඳහා නිලතල වලට පොර කන අය වැටී තිබෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට අවංකවම කටයුතු නොකළොත් කියන්න වෙන්නෙ ලංකාවේ අනාගත ක්‍රිකට් වලට අබ සරණයි කියලයි. Lankasportsnews මෙතෙක් කියූදෙයක් වැරදිලා නැහැ.

    No comments