• Breaking News

    ෂම්මිලා එලවන්න බැරි වුණොත් අනුර නිකම්ම නිකම් කයිතන්ම තමයි


    ශ්‍රී ලංකා ක්‍රිකට් ෂම්මි ප්‍රයිවෙට් ලිමිටඩ් හෙවත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු අපේ රටේ ධනවත්ම හා බලවත්ම සමාගමයි. මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන් , ක්‍රීඩා ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, ක්‍රීඩා සමාජ නිලධාරීන්, දිස්ත්‍රික් හා පළාත් සංගම් නිලධාරීන්, නඩුකාරයන් සල්ලි වලට ගන්න පුළුවන් වැඩ කාරයෙක් තමයි ෂම්මි සිල්වා කියන්නේ.


    මැතිවරණ වෙනුවෙන් කෝටි ගණනක් පැලවත්තට සැපයූ ෂම්මි සාගල හරහා රනිල්වත් ඇල්ලූ ආකාරයටම අනුර කුමාරවත් අල්ලන්න තරම් දක්ෂයෙක් වුණා.

    ක්‍රීඩා ඇමතිවරුන් වන හරින් ප්‍රනාන්දු හා වත්මන් ක්‍රීඩා ඇමති පතෝල කුමාර සමග ඩීල් මගින් ඔවුන් තම අල්ලේ නටවන මට්ටමට පත් කර ගත්තා.


    ටෙලිව්ෂන් ඩීල් එකක් මත හටගත් අමනාපයක් නිසා රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා සමග ගැටුණු ෂම්මි අවසානයේ රොෂාන් රණසිංහගේ ඇමතිකමත් නැති කර දමන්න සමත් වුණා.


    කොහොම උනත් නව ක්‍රීඩා පනත් සංශෝධනය අනුව මීළඟ නිලවරණයේදී ෂම්මිට ඉල්ලන්න නොහැකි වුණත් පිලර් වරුන් හෙවත් කුළුනු යන නමකින් විධායක සභාව පාලනය කරන්න හැකි තනතුරක් ක්‍රිකට් ව්‍යවස්ථාවට ඇතුළත් කර ගත්තා.


    එම යෝජනාවට සියලුම සාමාජිකයන් අත උස්සන මට්ටමට ෂම්මි මුළු සාමාජිකත්වයම අල්ලා ගත්තා. වෙනකක් තබා තම ප්‍රතිවාදියා වූ නිශාන්ත රණතුංගගේත් කට කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට සල්ලි පොදියක් දී වසා දමන්න ෂම්මි සමත් වුණා.


    අයිසීසී සභාපති ජේ ෂා වත් ලස්සනට අල්ලා ගත් ෂම්මි දෙදෙනා එක්ව හවුල් බිස්නස් කරන මට්ටමටත් පත් කර ගත්තා.


    තිලංගගේ ඩමියක් ලෙස සභාපති ධූරයට නාම යෝජනා දුන් ෂම්මි අන්තිමට තිලංගගේ නාම යෝජනාව ප්‍රතික්ෂෙප වූ නිසා ක්‍රිකට් මුල් පුටුවට පත් වුණේ දොරටුපාලයා රජ වීමේ ඉතිහාස කතාවට නව අර්ථ කථනයක් ලබා දෙමින්.


    එසේ රජ වූ දොරටුපාලයා රජුට කළාක් මෙන් ෂම්මිද තිලංගව නොසළකා හැරියා.


    මේ අතර තිලංගගේ අනෙක් අග සව්වා වූ සුජීව ගොඩලියැද්ද තිලංග හා ෂම්මි සමග ඩබල් ගේමක් දෙමින් ෂම්මිගේ හොඳම හිතවතා හා උපදේශකයා බවට පත්ව තිබෙනවා.


    තිලංගගෙන් කලක් යැපුණු රවින් වික්‍රමරත්න තිලංගට කොකා පෙන්වා ෂම්මිගේ උප සභාපති බවට පත්ව තිබෙනවා.


    තමන් සමග සභාපති පුටුවට තරග කළ ජයන්ත ධර්මදාස පස්සා දොරෙන් තමන්ගේම උප සභාපති පුටුවට පත් කර ඔහුගේ බිස්නස් කර ගැනීමටත් නිළියන්ගේ පහස ඕනෑ තරම් විඳ ගැනීමටත් ඉඩ සලස්වා ජයන්තව තම සුවච කීකරු බලු කුක්කකු බවට පත් කර ගත්තා.


    විරුද්ධ කඳවුරෙන් උප සභාපති ධූරයකට පත් වූ මතිවානන්ට පල නොකියා පලා බෙදා එලවා ගත්තා.


    ඒ අතර ක්‍රීඩාංගණයක් හදන්න බැරි මණ්ඩතිව් දූපතේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන බව කියා ජනාධිපති අනුර කුමාරව ලස්සනට ඇන්දුවා.


    මේ බොරුව නිසා උතුරේ ජනතාවට බොරු කාරයකු වීමට සිදුවීම ගැන අනුර කුමාර ජනපතිවරයා නම් ඉන්නේ පුදුම තරහවකින් බව වාර්තා වෙනවා.


    ඒ නිසා අනුර කුමාර ජනාධිපතිවරයා සිරසත් අල්ලාගෙන ෂම්මි පාලනයට ගහන්න පටන් ගත්තත් ෂම්මිගේ බල පරාක්‍රමයේ මයිල් ගසකට අත තියන්න අනුර කුමාර සමත් නොවන බව කිව යුතුයි.


    ඒ ෂම්මිලා එලවිය යුතු ආකාරය ගැන දැනුමක් ජනාධිපතිවරයාට නොමැති නිසයි. පතෝල කුමාර ක්‍රීඩා ඇමතිවරයාට හෝ ඔහුගේ නීති උපදේශක පුද්ගලික ලේකම් වරයාටවත් මේ ගැන කිසිදු අවබෝධයක් නැති බව සත්‍යයක්.


    ඒ නිසා මේ දිනවල ජනතාව චූන් කරමින් ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන බවට ජනපතිවරයාත්, ක්‍රීඩා ඇමතිවරයාත් කරන්නේ ටෙලි නාට්‍ය රංගනයක් බව හෙට අනිද්දා දැන ගන්න පුළුවන් වෙයි. අයිසීසිය මගින් අපේ ක්‍රිකට් තහනම් කරනු ඇතැයි කියමින් ඔවුන් මේ නාටකය අවසන් නොකළොත් පුදුම වෙන්න දෙයක් නැහැ. කියූ පරිදි ෂම්මිලා එලවන්න බැරි උනොත් එය අනුර කුමාරගේ බැරියාව හොඳටම ඔප්පු වී මාලිමාවේ අවසානය වන්නටද ඉඩ තිබෙන බව අපි කියන්නේ වගකීමෙන්.



    No comments