• Breaking News

    ක්‍රිකට් මැනේජර් වෙනුවට පඹයෙක් දාමු - ක්‍රිකට් විනාසයේ තවත් එකෙක්


    ලංකාවෙ ක්‍රිකට් පිල එක පිට පරාජය ලබද්දි පුහුණුකරු සනත් ජයසූරිය ඉල්ලා අස්වෙන්න තීරණය කරලා. කෝචින් ජොබ් එක තමන්ට බැරි දෙයක් බව සනත් පමාවී හෝ තේරුම් ගත්තා නම් ලොකු දෙයක්. හරි හැටි විෂ්ලේෂනය කරල බැලුවොත් සනත් එක්කම කණ්ඩායමෙන් එලවා දමන්න තව පිරිසක් කණ්ඩායම තුළ සිටින බව ක්‍රිකට් බලධාරින්ට සොයා ගත හැකියි.


    මේ අය කව්දැයි අපි ඉදිරියේ හෙළිදරව් කරන්නම්.


    මින් ප්‍රධාන අයකු අද හඳුන්වා දෙන්න කැමතියි.


    ඒ තමයි කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ.


    මොහු කණ්ඩායමේ පුහුණුකරු හැටියට කටයුතු කරන්නේ අවුරුදු ගානක ඉඳන්.


    මොහු කලක් 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙසත් කටයුතු කළා.


    ගල්කිස්සේ සා.තෝමස් විදුහලේ හා එස්.එස්.සී ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කර තිබීම නිසා පුම්බා ගත් පුහු මාන්නයකින් යුත් මොහු මෙම කළමනාකරු තනතුරට ආවේ තවත් ආදි සා.තෝමසුවකු වන උප සභාපති ජයන්ත ධර්මදාසගේ පන්දමෙන්.


    මුලදී ක්‍රීඩකයන්ට ප්‍රින්සිපල් කෙනකු ලෙස කටයුතු කරන්න උත්සාහ කළත් කල් යන කොට ජොබ් එක බේරා ගන්න ඕන නිසා මොහු මේ වෙනකොට ක්‍රීඩකයන්ගේ වහලෙකු බවට පත්ව අවසන්.


    හරි නම් මොහුව ගෙදර යවන්න තිබුණේ ධනුෂ්ක ගුණතිලක තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් අහුවුණු ඕස්ට්‍රේලියා සංචාරයෙන් පසුවයි.


    කළමනාකරු හැටියට ඔහුට ලබා දුන් වාහනය එහි රියදුරාද සමග වල්කමේ යන්න භාවිතා කළ ධනුෂ්ක ගුණතිලකව ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පසු ඔහුව එහි තනිකර කණ්ඩායමත් සමග ලංකාවට ඒම කළමනාකරුවකුගේ රාජකාරිය පැහැර හැරීමක් වුණත් හලංගොඩගෙන් නිදහසට කරුණු විමසීමක්වත් සිදු වුණේ නැහැ.

    ඒ ෂුගර් ඩැඩී ජයන්ත ධර්මදාසගේ බල මහිමය නිසයි.


    කණ්ඩායම තුළ මේ වන විට පඹයෙක් හා ජෝකරයෙක් බවට පත්ව සිටින හලංගොඩව ක්‍රීඩකයන් බයිට් එකට ගත් අයුරු දැක්වෙන පින්තූරයක් මෙහි දැක්වෙනවා. ඒ කණ්ඩායමේ නිල පින්තූරයක් ගන්න සූදානම් වන අවස්ථාවකදියි.


    ජනාධිපති අනුර කුමාර විසින් ෂම්මි පුද්ගලික සමාගම විසුරුවා හරින්න සූදානම් වන මොහොතේ කණ්ඩායම තුළ වසර ගණනක් මුළුල්ලේ බින්න බැහැගෙන සිටින මෙවැනි අපතයන්ද වහා ඉවත් කළ යුතුයි.


    කළමනාකරුවකු ලෙස ක්‍රීඩකයන්ගේ ගරුත්වය දිනාගෙන ඔවුන්ගේ විනයද පවත්වාගෙන යන ආකාරය අබු ෆුවාඩ්, රංජිත් ප්‍රනාන්දු වැන්නන්ගෙන් ඉගෙන ගත යුතුයි. සෙන් තෝමස් , එස්.එස්.සී. ඌෂ්ණය තිබූ පමණින් හෝ ජයන්ත ධර්මදාසට මුට්ටිය ඇල්ලීමෙන් හැමදාමත් රැඳී සිටිය නොහැකි බව කවුරුන් හෝ මොහුට කියා දිය යුතුයි.


    සබැඳි පෙර ලිපි  

    ජෝකර්ට අදින ක්‍රිකට් කළමනාකරු මහින්ද හලන්ගොඩ

    හලංගොඩ එළවයි

    ක්‍රීඩකයන්ගේ විනය හදන්න බැරි ගූ ගොඩ - හලංගොඩ

    හලංගොඩ ඕස්ට්‍රේලියාවේදී ක්‍රීඩකයන්ට පිස්සු නටන්න ඉඩ දීලා




    No comments