ක්‍රිකට් ප්‍රේමීන් රතිඤ්ඤා සූදානම් කර ගන්න
ලංකාවේ දූෂිත ක්‍රිකට් පරිපාලනය හා ඔවුන්ගේ දූෂණ ගැන දිගින් දිගටම හෙළිදරව් කළේ lankasportsnews බව අමුතුවෙන් කියන්න ඕන නෑ. වෙනත් කුමන මාධ්‍යයක් මාධ්‍ය කරුවෙක් මුදලට ගත්තත් ෂම්මි හෝ සුජීව ගොඩලියැද්දට අපව මුදලට ගන්න බැරි වුණා.
අවසානයේ ලක්ෂ ගණන් වියදම් කොට සයිබර් ප්‍රහාර එල්ල කළත් අපව නවත්තන්න බැරි වුණා.
අපට පෞද්ගලික එදිරිවාරිකමක් මොවුන් සමග තිබුණෙ නැහැ.
අපට අවශ්‍ය වුණේ අපේ රටේ ක්‍රිකට් වලට අරක් ගෙන ක්‍රිකට් විනාශ කරන හොර නඩය ගැන ජනතාවට කියන්නයි.
මේ සඳහා නිවැරදි තොරතුරු රැසක් අපට ලබා දුන්නේ ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේම සිටින අතලොස්සක් වූ අවංක නිලධාරින් විසිනුයි.
දැන් සිරසත් දිනපතා ක්‍රිකට් හොර නඩය ගැන තොරතුරු හෙළිදරව් කරමින් ඉන්නවා. ඒ බොහෝ තොරතුරු අප මීට කළින් හෙළිදරව් කළ තොරතුරුමයි.
රජයට හා පැලවත්තට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග වලින් කියවෙන්නේ ෂම්මි ඇතුළු නඩයට ගෙදර යන්න වෙන දවස අත ළඟ බවයි. ඒ විතරක් නෙවෙයි අල්ලස් කොමිසමටත් යන්න වෙනවා සිකුරුයි. එදාට රටේ ජනතාව රතිඤ්ඤා පත්තු කරනවා නියතයි. අවුරුදු සමය නිසා වෙළෙඳ පොලේ රතිඤ්ඤා වලද හිඟයක් නැහැ.

No comments