කටින් බතල ඉන්දන පතෝල ඇමතිවරයෙක්
මේ ක්‍රීඩා ඇමති ඉන්න කල් අපේ රටේ ක්‍රීඩාවට අබ සරණයි කියල අපි කියන්නෙ අද ඊයෙ නෙවෙයි. මේ පතෝල ඇමති පහුගියදාක පාර්ලිමේන්තුවෙ කියනවා රටේ ක්‍රීඩා ඔක්කොම එයා භාර ගන්න කොට වැටිල තිබුණා එයා ඒව ඔක්කොම ගොඩ ගන්නවා කියලා. ක්‍රිකට් වුණත් තිබුණු තැනටම ගේනවා කියලත් පුරසාරම් දෙඩුවා.
ඒත් ක්‍රිකට් එහෙම තිබුණු තැනට ගේන්නෙ කොහොමද කියල කියන්න මේ ඇමතිවරයට නම් කීයටවත් බැහැ කියල අපි දන්නවා.
අසල් වැසි බංග්ලාදේශයෙත් හිටපු පරිපාලනය ඉවත් කරල තමීම් ඉක්බාල් නම් හිටපු නායකයව එහි සභාපති හැටියට ආණ්ඩුවෙන් පත් කරලා.
ඒත් අයිසීසිය නිහඬයි.ලංකාවෙ එහෙම කරන්න හැදුවත් ප්‍රචාරය කරන්නෙ අයිසීසිය අපේ ක්‍රිකට් තහනම් කරයි වගේ බයිලා.
ඇත්තටම පරිපාලනයේ ඔප්පු කරන්න පුළුවන් දූෂණ මූල්‍ය අක්‍රමිකතා තිබේ නම් ක්‍රීඩා පනතෙ හැටියට අපේ ක්‍රීඩා ඇමතිවරයට ඕනෙම ක්‍රීඩා සංගමයක් විසුරුවා හරින්න බලය තිබෙනවා.
ඒත් මේ පතෝල ඇමති ඉන්නෙ ෂම්මිලගෙ සාක්කුවෙ නිසා එහෙම වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.
විසි පහක් විතර හිටපු ඕස්ට්‍රේලියාවෙ පවත්වපු විරු මහ සමුළුවකදිත් ක්‍රිකට් ගැන මේ ඇමතිවරයා ෂේප් උත්තරයක් දීල ලිස්සල ගියා කියල අපේ lankasportsnews ඕස්ට්‍රේලියා වාර්තා කරු පැවසුවා.
තාමත් අළුතින් දාන්න පටන් අරගෙනත් නැති සුගතදාස ක්‍රීඩාංගණයෙ ට්‍රැක් එකේ වැඩ පටන් අරන් කියලත් මේ ඇමතිවරයා එතනදි අමු බොරුවක් කියල තිබුණා. ඒ විතරක් නෙවෙයි යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගණය කිසි අවුලකින් තොරව ඉදිකරන බවත් මොහු එහිදී කියා තිබුණා.
මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ක්‍රීඩාවේ ප්‍රගමනයට කරන්න ඕනෑ තරම් දේ තිබුණත් මෙතෙක් ක්‍රීඩාවේ සුළුම කොටසක් වන තහනම් උත්තේජක අල්ලගෙන පාර්ලිමේන්තුවේ පැය කීයක් ඒ ගැන කාලෙ නාස්ති කරන හැටි විහිළුවක් බවට පත්වෙලා තිබෙනවා.
තවමත් අලුතින් ක්‍රීඩා පනතට එක් කළ සංශෝධන ගැනවත් විවාද කරන්න මේ ඇමතිවරයා තහනම් උත්තේජන වලට වඩා කාලයක් වෙන් කර දී නැහැ.
මාලිමාවෙ ඇමතිවරුන් අතරින් මේ වෙන කොට වැඩිම වාර ගණනක් රට ගොස් ඇති සුනිල් පතෝල කුමාර ඇමතිවරයා දින කිහිපයකට ඕස්ට්‍රේලියාවට ගියේ කුමකටද යන්නත් රටේ ජනතාවට ඇත්ත කීවා නම් හොඳ බව අපි කල් තබා කියා සිටිනවා.
මේ ගැන තොරතුරු අපට ලැබෙමින් තිබෙන බව කිව යුතුයි.
ක්‍රිකට් හදනවා කියන්නේ නම් සියල්ලට කලින් දූෂිත ක්‍රිකට් නඩය ගෙදර යැවිය යුතු බවට දවස ගානේ සිරසත් කියන නිසාත් සිරසට ඒ සඳහා ඇමතිට උඩින් සිටින ප්‍රබලයකු උපදෙස් දී ඇති නිසාත් තවදුරටත් බයිලා බ්නොකියා ක්‍රීඩා ඇමති ලෙස ඇති බලතල හැකිනම් පාවිච්චි කර පෙන්වන මෙන් ඔහුට අපි අභියෝග කර සිට්නවා. එසේ නොමැති නම් මේ ආණ්ඩුවේ ඊළඟ පුන්‍ය ජයකොඩි අමාත්‍යවරයා බවට පත්වන්නේ ක්‍රීඩා ඇමතිවරයා බව අපි කියන්නේ වගකීමෙන්.

No comments