වරාය අලුත් සභාපතිත් වරායේ ක්‍රිකට් හොරාගේ චෝදනා විභාගය යට ගහලා
ක්‍රිකට් වල දූෂණ වංචා ගැන කතා කරද්දි ෂම්මි, සුජීව වගෙම තවත් කතා බහට ලක්වෙන චරිතයක් තමයි නලින් අපෝන්සු. වරාය අධිකාරියේ සුදුසුකම් නොමැති වුණත් මැනේජ්මන්ට් ලෙවල් රස්සාවක් කරන නලින් අපෝන්සු ක්‍රිකට් ආයතනයේ ( ෂම්මි ප්‍රයිවෙට් ලිමිටඩ් ) විධායක කමිටු නිලධාරියෙක්. ඩොමෙස්ටික් තරග කමිටු සභාපති වරයා හැටියටත් කටයුතු කරනවා.
පාසලේවත් ක්‍රිකට් ගසා නැති නලින් ක්‍රිකට් විධායක සභාවට යන්න ඕන නිසා වරාය අධිකාරියේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් එක පළමු පෙළ තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.
සීදුව රද්දොලුව ක්‍රීඩා සමාජය එය කරමින් සිටි තිසේරා නම් අයත් සමගම වරාය අධිකාරියට මිළදී ගත් නලින් වරාය අධිකාරිය සතුව කලක් තිබූ ක්‍රීඩා සමාජය ගෙඩිය පිටින්ම ඒස් කැපිටල් නම් සමාගමට විකුණුවා.
මේ හේතුවෙන් එතෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වාර්ෂිකව පිරිනැමෙන කෝටි පහක පමණ මුදල වසර ගණනක් මුළුල්ලේ ඒස් කැපිටල් ක්‍රීඩා සමාජයට හරවා ගත්තා.
මෙම ක්‍රීඩා සමාජ දෙකම නීති විරෝධී ලෙස එකම ගිණුමකින් පවත්වාගෙන යන්නත් ඔහු සූක්ෂම ලෙස කටයුතු කළා.
මේ අනුව ඔහු වරාය අධිකාරියට අහිමි කළ කෝටි ගණනක මුදල පිළිබඳවත් ඔහුගේ තවත් වංචා පිළිබඳවත් ගිය සතියේ වරාය අධිකාරියේ ජවිපෙ වෘත්තීය සමිතිය මගින් ලිපි ගොනු සහිතව වරාය අධිකාරියටත්, සීඅයිඩියටත්, අල්ලස් කොමිසමටත්, ක්‍රීඩා අමාත්‍යාංශයටත් පැමිණිලි කළා.
හදිසි පොහොසතකු වී සිටින නලින් අපෝන්සුගේ අලුතින් හදපු නිවස පමණක් කෝටි 25 ක් පමණ වන බව කියවෙනවා. වරක් ඔහුගේ නිවස බිඳ එහි තිබූ ඩොලර් හා රුපියල් ලක්ෂ ගණනක් සොරුන් රැගෙන ගිය බවට පොලිස් පැමිණිල්ලක්ද ඔහු විසින්ම දමා තිබෙනවා.එයින්ම ඔහුගේ වත්කම් ගැන සිතා ගන්න පුළුවන්.
හරි හැටි ක්‍රිකට් ගසා නැතත් වංචාවෙන් ක්‍රිකට් විධායක සභාවට රිංගා ඩොමස්ටික් ක්‍රිකට් තරගාවලි සභාපති ලෙස මොහු වැන්නෙක් කටයුතු කරනවා නම් ලංකාවේ ක්‍රිකට් ගැන ඔබට හිතා ගන්න පුළුවන්.
අවසන් වතාවට පැවැති ක්‍රිකට් නිලවරණයට ඔහු ආවෙත් පස්සා පැත්තෙන්.වරාය අධිකාරිය නියෝජනය කරන ජනසතු සේවා සංගමය හරහා ඔහුට නිලවරණයට යා නොහැකි අන්දමින් වරාය ක්‍රීඩා සමාජය මොහුට වාරණයක් දැම්මත් අන්තිම මොහොතේ ෂම්මි සිල්වා ඔහු සභාපති ධූරය උසුලන සීසීසී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් නිලවරණයට එන්න අවස්ථාව සලසා දුන්නා.
මොහුට විරුද්ධව චෝදනා කොපමණ තිබුණත් වරාය අධිකාරියේ හිටපු සභාපති වරයා කිසිදු පරීක්ෂණයක් නොකර ඒවා යට ගසනු ලැබුවා.
අලුතින් පත්ව ආ සභාපතිවරයාත් මොහුගේ ගජ මිතුරෙක්.ඔහුත් මේ චෝදනා සම්බන්ධ පරීක්ෂණ යට ගසනු ඇතැයි වරාය සේවකයන් පවසනවා.
ඒ නලින්ගේ ලේකම්වරියවම අලුත් සභාපතිගේ ලේකම් ලෙස නොබෝදා පත් කර ගැනීම නිසයි.
ඒ නිසා හොරාගෙ අම්මගෙන් පේන අහන්නාක් වැනි වැඩක් ඉදිරියේ සිදු වනු බව ඔවුන් පවසනවා.
කොහොම උනත් කෝප් කමිටුවේ අවසන් සැසියේදී නලින්ට කට උත්තර නැති වෙන තත්වයක් උදා වුණා. ඔහු තටම තටමා බොරු කීවත් කමිටුව ඒවා පිළිගත්තෙ නැහැ.
ඊළඟ කෝප් කමිටු රැස්වීමේදී වඩාත් දැනුවත් වී එන කෝප් කමිටු නිලධාරීන් හමුවේ නලින් හොඳටම කොටු වෙන්න නියමිතයි. වරාය සේවකයන් අල්ලස් කොමිසම හා සීඅයිඩිය හමුවේ ගොනු කළ චෝදනා පවා යට ගැසීමට නලින් සූක්ෂම වැඩ පිළිවෙලක් යොදමින් සිටින බව වාර්තා වෙනවා. ඒ චෝදනා ඉක්මනින් විභාග කළොත් ක්‍රිකට් වල ඉන්න හොඳ කම්බ හොරෙක් උසාවි ගෙනියන්න පුළුවන් බව කියන්නෙ වරායේ ජවිපෙ වෘත්තීය සමිති නිලධාරින්මයි.
සබැඳි පෙර ලිපි
වරාය ඒස් කැපිටල් කර කෝටි ගණනක් මුදල් වංචා කළ අපෝන්සු කෝප් කමිටුව අන්දයි
වරාය අධිකාරියෙන් නලින් අපෝන්සුට බරපතල චෝදනාවක්

No comments