ජනපති නියෝගයෙන් පතෝල ඇමති නින්දෙන් ඇහැරලා
මෙතෙක් කල් ෂම්මිගෙන් ජරාව කා ඔහුගේ සාක්කුවේ සිටි සුනිල් කුමාර පතෝල ගමගේ ක්‍රීඩා ඇමතිවරයා හිටි අඩියේ නින්දෙන් අවදි වී මාධ්‍ය හමුවක් පවත්වනු දකින්න ලැබුණා.
මාධ්‍ය වෙත නොදන්වා එක්තරා මාධ්‍යයක මාධ්‍යවේදියකු සූදානම් කර දුන් හදිසි ඇමතුමක් මයික් වලට ලබා දුන් පතෝල කුමාර ඇමති කිව්වේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීමට ජනාධිපති තුමන් පියවර ගන්නා බවයි.
ක්‍රිකට් ක්‍රීඩාව ගැන අවංක හැඟීමකින් හෝ ජනතාවගෙන් එල්ල වෙන විරෝධයට තාවකාලික පැලැස්තර ඇලවීමක් ලෙස හෝ ජනාධිපතිවරයා ගනු ලබන මේ පියවරට නම් lankasportsnews ගරු කරන්න කැමතියි.
අපේ රටේ සියලුම මාධ්‍ය මුලින් වෙළෙඳ දැන්වීම් ලබාදී පසුව මාධ්‍යවේදීන්ට මාසික දීමනාවක් අත යටින් ලබා දී ඒත් අල්ලා ගැනීමට නොහැකි මාධ්‍යවේදීන්ට උසාවියේ නඩු පවරා මාධ්‍යයේ කට වැහුවත් එදා සිටම ෂම්මි හා පුද්ගලික සමාගමේ සයිබර් ප්‍රහාර හමුවේත් නොසැලී නොබියව ඇත්ත හෙළි කළේ lankasportsnews පමණයි.
ඒ නිසා අපි එදා සිටම මේ හොරුන් එළවා දැමීමේ කටයුත්තට දායක වීම ඉටු කරද්දී අනුර කුමාර ජනාධිපතිවරයා අපේ මෙන්ම ලංකාවාසී ක්‍රිකට් ලෝලීන් හැමෝගෙම ප්‍රාර්ථනය ඉටු කරන හැටි බලා ඉඳිමු.
අපි මෙහෙම කියන්නේ අල්ලපු රටේ ජේ ෂා නම් ෂම්මිගේ දකුණු අත වැනි හොර ගෙඩියා තවමත් අයිසීසියේද සභාපති නිසයි.
මෙතෙක් සිටි අසාර්ථකම ක්‍රීඩා ඇමති වන පතෝල කුමාර ක්‍රීඩා ඇමති වරයා මාධ්‍යවේදීන් නොමැතිව මයික් වලට කතා නොකොට කැබිනට් මාධ්‍ය හමුවට පැමිණ එයට එන මාධ්‍යවේදීන් හමුවේ මේ ගැන කියන ලෙස අපි අභියෝග කරනවා.

No comments