• Breaking News

    මග හිටියොත් තෝ නසී..! ගෙදර ගියොත් අඹු නසී..!


    මේ දවස් වල නැගල යන කතාවක් තමයි ශ්‍රී ලංකා / නවසීලන්ත තරගෙ අපේ ක්‍රීඩකයො පාවා දුන්න කියන එක. වාර්තා වන තොරතුරු වල කියවෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා අයිසීසී සභාපති ජේ ෂා ගේ අවශ්‍යතාව අනුව ෂම්මි, සනත් හා දසුන් එක්ව උවමනාවෙන්ම මේ තරගය අජූත අන්දමින් පැරදුනේ නවසීලන්ත පිලේ net run rate එක ඉහළ නංවා පකිස්තානයට අවසන් පූර්ව වටයට ඒමට නොහැකි වන තැනට වැඩ සිද්ධ කළ බවයි.


    කාසියේ වාසිය දිනා ගැනීමෙන් පස්සෙ නවසීලන්ත පිලට මුලින් පන්දුවට පහර දීමට ආරාධනා කිරීම මෙහි පළමු පියවර වී තිබෙනවා. ඛෙත්තාරාම ක්‍රීඩා පිටියේ තණ තීරුව පසුව පන්දුවට පහර දෙන්නන්ට අවාසි බව එහි තරග ඉතිහාසය බලන ඕනෙම අයකුට තේරෙන දෙයක් උනත් දසුන් මේ තීරණය ගත්තෙ තනිවම ඔහුගෙ උවමනාවට වෙන්න බැහැ.


    මීට පෙරත් සිම්බාබ්වේ එක්ක තරගයකදි කණ්ඩායම ෆීල්ඩ් කරන්න බලන් ඉන්න කොට කාසියේ වාසිය දිනා බැට් කරන්න තීරණය කරපු නායකයා චාමර කපුගෙදර ඔබට මතක ඇති. අන්න එයා මේ දවස් වල රූපවාහිනී ලයිව් ටෝක් ෂෝ වලට ඇවිත් කාසියේ වාසිය දිනල ගහන්න ඕන විදිය බලන කොට හිනා යන පැත්ත හිතා ගන්න බැහැ.


    මේ තරගයෙ දුෂාන් හේමන්ත අපූරු ආකාරයකට දැවී යනවා. ඒ හිට් විකට් වෙලා. මේ තරගාවලියෙ එකම හිට් විකට් අවුට් එක.


    මේ අවස්ථාවෙ බෙටින් සයිට් වල අපූරු බෙටින් රේට් එකක් යනවා. ඒ ඊළඟ කඩුල්ල දැවී යන ආකාරය ගැන කිව්වොත් ගෙවන විදිය ගැනයි. සාමාන්‍යයෙන් දැවී යන ආකාර වලට බෙට් කළොත් ගෙවන මුදල එහි සඳහන් වෙනවා. ඒ බොහිම සුළු ගණන් වලින්. ඒත් සම්මත නොවන ආකාරයකට අවුට් වුණොත් 201 වාරයක මුදලක් ගෙවන බව සඳහන් වෙනවා. ඒ එක්කම දුෂාන් හේමන්ත හිට් විකට් වෙලා අවුට් වෙනවා. මේක නම් අපූරු සිද්ධියක්.


    ඊටත් වඩා පිතිකරුවො දෙන්නෙක්ම ස්ටම්ප් වෙනවා. නායක දසුන් අමු ගොන් පාරකින් අවුට් වෙනවා.


    අන්තිමේ නවසීලන්ත ඉනිමේ ඕවර 16 ක් යන කල් දිනන තත්ත්වයක හිටපු ලංකාව නවසීලන්තයට හිතා ගන්න බැරි නෙට් රන් රේට් එකක් ලබා දෙමින් පරදිනවා.


    කාසියේ වාසිය ඉඳන්ම තරගය පැවැත්වුණු ආකාරය සැක සහිතයි.


    හිටපු පකිස්තානු ක්‍රිකට් නායක ජවාඩ් මියැන්ඩාඩ් ඒ අතර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනවා. ඒ ලංකාව මේ තරගය උවමනාවෙන්ම පරාජය වූ බව කියමින්. ඔහුගෙ චෝදනාව වෙන්නෙ ලංකාව මේ තරගය පැරදුනේ පකිස්තානයට අවසන් පූර්ව තරගයට එන්න බැරි වෙන තත්ත්වයක් හදන්න කියලයි. මේ කුමන්ත්‍රණය පිටුපස අයිසීසිය, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා ලංකාවේ ක්‍රිකට් පරිපාලනය සිටින බවට ඔහු කෙළින්ම චෝදනා කළත් අයිසීසීය පවා තවමත් මෙයට පිළිතුරක් දීමට අසමත් වෙලා තියෙනවා.


    ආයෙත් කියන්න දෙයක් නැහැ මේ තරගය fix තමයි.

     

    තරග පාවා දීමක් බවට සැක තොරතුරක් විමර්ෂණය කරද්දි එයට සහයෝගය නොදක්වපු නිසා දෙවසරක තහනමක් ලබපු සනත් ජයසූරිය වැන්නකු පුහුණුකරු හැටියට ඉන්නකොට අම්බානිගේ කොලුවා ලෙස ප්‍රකට අපේ රටට වඩා මුම්බායි ඉන්දියන් අම්බානිට ආදරේ ලසිත් මාලිංග වගේ අයෙක් කෝචින් ස්ටාෆ් එකේ ඉන්නකොට ජේ ෂාගේ දකුණු අත වගේ ඉන්න ෂම්මි සිල්වා ක්‍රිකට් සභාපති ඉන්නකොට මේ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

    ගොඩක් දෙනෙක් දන්නෙ නැති දෙයක් තමයි දැන් අයිසීසී ඇන්ටි කරප්ෂන් ලොක්කා ලංකාවෙ අයෙක් කියන එක. ලංකාවෙ නීතිපති දෙපාර්තමේන්තුවෙ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අයිසීසී ඇන්ටි කරප්ෂන් හෙවත් දූෂණ මර්ධන ඒකකයේ ලොක්කා ලෙස පත්වීම් ලැබුවේ 2024 නොවැම්බර් 1 දා.

    එදා සිට මේ දක්වා එම තනතුර දැරුවත් මේ දක්වා ඔහු ලංකාවේ ඇල්ලූ තරග පාවා දෙන ක්‍රීඩකයෙක් හෝ නිලධාරියෙක් නැහැ.


    ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ වැදගත් තනතුරක් හොබවන අතර තුර අයිසීසියේ මෙවැනි වැටුප් ලබන ජොබ් එකක් කිරීම වැරදි හා conflit of interest වැඩක් වුණත් ඔහු රැකියා දෙකක නිරත වෙනවා.


    ඒ විතරක් නෙවෙයි ඔහු හා ඔහුගේ බිරිඳ එක්ව කරන සිකුරිටි ඒජන්සියක් මගින් දැන් වසර ගණනාවක සිට ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් ගතව දඹුල්ල ක්‍රීඩාංගණයට ආරක්ෂාව සපයනවා.

    ඒ නිසා මොහුට අපේ ක්‍රිකට් වලට එරෙහිව මොකුත් කරන්න බැහැ. 


    මේ විතරක් නෙවෙයි අපේ රටේ ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගවලත් දැන් තරග පාවා දීම් සිද්ධ වෙනවා.


    දැනට සති කිහිපයකට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති බ්ලූම්ෆීල්ඩ්/ පොලිස් තරගය මීට උදාහරණයක්. බ්ලූම්ෆීල්ඩ් පිල ප්ලේට් ශූරතාවට පහත වැටෙන්න ගිය ඒ තරගයේ ප්‍රතිඵලය පොලිස් පිල වෙනස් කරල දුන්නෙ බ්ලූම්ෆීල්ඩ් පිලේ උප සභාපති වරයකු හා ජාතික ක්‍රිකට් පිලේ පුහුණුකරුවකු පොලිසියේ ලොක්කෙකු සමග කළ සැළසුමක් අනුව බව lankasportsnews කියන්නේ වගකීමෙන්.

    මේ පිළිබඳව සාක්ෂි සහිතව හෙළිදරව් කරන්න අපි සූදානම්.

    සුමති ධර්මවර්ධනට අපි අභියෝග කරනවා පුළුවන් නම් මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. මෙහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් පිලේ කුසල් ජනිත්ට ජාතික කණ්ඩායමේ ස්ථානයකුත් ලැබෙනවා. 


    මේ අතර අද ලංකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානේ අවසන් තරගයට සහභාගි වෙනවා. ඒ පකිස්තානය සමගයි.

    මෙය බොහො දුරට දසුන් ශානකගේ, කුසල් ජනිත්ගේ අවසන් තරගය බවට පත් වෙනවා.ඒ වගෙම සනත්ගෙයි ලසිත්ගෙයි ලංකා පිලේ පුහුණුකාරිත්වයේ අවසන් දිනයත් අද වෙන්න ඉඩ තියෙනවා. 

    අද තරගය ලකුණු 65 ක් වැනි ලොකු පරතරයකින් එහෙම නැත්තන් ලංකාව ගහන ලකුණු සංඛ්‍යාව ඕවර 13 කින් ගැහුවොත් නව්සීලන්ත පිල පසුකොට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්න පකිස්තානයට හැකි වෙනවා.


    මේ හේතුවෙන් සනත්,දසුන් හා ෂම්මි පත් වන්නේ *මග හිටියොත් තෝ නසී.ගෙදර ගියොත් අඹු නසී!* වගේ තත්වයකටයි.


    ඉන්දියාවේ කීමට පකිස්තානයට අවසන් පූර්ව වටයට ඒම අසීරු කළත් අද තරගයේදී පකිස්තානු පිල මරාගෙන මැරෙන මට්ටමින් ක්‍රීඩා කරන එක සිකුරුයි. ඒ අනුව පකිස්තානු පිල ඇත්තටම ඒ දේ කළොත් පල්ලෙකැලේ ක්‍රීඩාංගණයෙන්ම ෂම්මි,සනත් ඇතුළු නඩයේ මළගම ලියවෙන්න පටන් ගන්නවා. 

     

    මාර්තු පළවෙනිදා ක්‍රිකට් ආයතනය වටලන්න එන මෙන් රාජාංගනේ හමුදුරුවො කරන ඉල්ලීම තවත් අරගලයක් බවට පත් වෙනවා. එක කාලයක් මෙහෙම තත්වයක් ඇතිවෙද්දි වතුර ටැංකි, කුළු පොලු හමුදාවක් එවල ෂම්මිව රැකපු දේශබන්දුත් දැන් නැහැ.

     

    යාපනය ක්‍රීඩාංගණය ගැන බොරු කියල රවට්ටපු එක ගැන ජනාධිපති අනුර කුමාරත් ඉන්නෙ තරහෙන්.


    මෙතෙක් කලක් ක්‍රිකට් දූෂණ නොදැක්කා වගේ හිටපු සිරසත් දැන් දවස ගානෙ ක්‍රිකට් වලට ගහන්න පටන් අරන් කියන්නෙ ෂම්මිට කමින් කලර්ස් නෝ ගුඩ් කියන එකයි.එකම පිළිසරණෙ ජේ ෂා පමණයි. හොඳ හොඳ සෙල්ලම් ටිකක් ඉදිරියේ බලා ගන්න පුළුවන් වෙයි. කවුරු නැතත් එදා ඉඳන්ම lankasportsnews පෙන්නල දීපු දේවල් කවදා හෝ ඵල දැරිය යුතුමයි.

    No comments