ලංකාව පැරදුනත් ජයන්ත නම් දිනුම්!
ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට මුහුණ දුන්නත් එහි ජයග්‍රාහකයන් බවට පත්වූ කිහිප දෙනකුත් සිටින බව lankasportsnews අවධාරනය කර සිටිනවා. මේ කවුදැයි වරින් වර හෙළිදරව් කරන්න අප සූදානම්.
මේ අතරින් කැපී පෙනෙන අයකු වන්නේ උප සභාපති ( ජාත්‍යන්තර ) ආචාර්ය ජයන්ත ධර්මදාසයි.
තිරිහන් වීමට බලවත් ආශාවෙන් පසුවන ජයන්ත ධර්මදාසට කෙත්තාරාම ඇතුළු මෙරට අනෙකුත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ වල හයි ටී, ඉහළ පෙළේ ආහාර බුෆේ , සිසිල් බීම, සැර බීම, කට ගැස්ම ඇතුළත් 50 කට වැඩි පිරිසක් අසුන් ගත හැකි වායුසමීකරණය කළ බොක්ස් එකක් වෙන් කර තිබෙනවා.
ක්‍රිකට් ගැන මෙලෝ හසරක් නොදන්නවා වුණත් ඕනෙම ක්‍රිකට් ඔස්තාර් කෙනෙකුට ක්‍රිකට් ඉගැන්වීමේ පරිණත කමක් ඇති ජයන්තගේ වික්‍රමයක් වන්නේ කණ්ඩායම් කළමනාකරු ලෙස අවුරුදු ගණනක් මුළුල්ලේ තබා ගෙන සිටින මේ වන විට ක්‍රීඩකයන්ගේ රූකඩයක් බවට පත්ව සිටින සෙන් තෝමස් පාසල් සගයා වන මහින්ද හලංගොඩ තවමත් එම තනතුරේ තබා ගැනීමයි.
සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු වන්නේත් දසුන් ශානක නායකයා වන්නේත් ජයන්තගේ පූර්ණ ආශිර්වාදය ඇතිවයි.
ලංකාවේ ක්‍රිකට් මේ මට්ටමට ගෙන ඒමට කටයුතු කළ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරග නැරඹීමට ආරාධනාවක් හෝ නොමිලේ ප්‍රවේශ පත්‍රයක් හෝ නොදෙන ජයන්ත තමන්ට වෙන් කරගෙන ඇති වීඅයිපී බොක්ස් එක පුරවන්නේ නළු නිළියන්ගෙන්.
මේ නළු නිළි ආරාධනාවල් ජයන්තගේ අභිමතයට අනුව සම්බන්ධීකරණය කරන්නේ ජයන්තගේ නිල නොවන පුද්ගලික ලේකම්වරිය වන ඕෂධී හේවාමද්දුමයි.
ජයන්ත ක්‍රිකට් ආයතනයට ඇරලවීම හා ආපසු ගෙනයාමේ වගකීමත් පැවරී ඇත්තේ ඇයටයි.
තරග නැරඹීමට ජයන්තගේ වීඅයිපී බොක්ස් එකට එන මේ නළු නිළියන්ට ඉස්තරම් කෑම, බීම පමණක් නොව ශ්‍රී ලංකා ටී ෂර්ට්ද තුන් හතර වරක් අනිල් මොහාන් ලවා ජාත්‍යන්තර කැමරාවට හසු කර දීමත් ජයන්තගේ අනුග්‍රහයෙන් සිදු කෙරෙනවා.
ඇතැම් නළුවන්ට ක්‍රීඩාංගණයේ ඕනෑම තැනකට යා හැකි පාස් එකක්ද ලැබෙනවා.
සුපුරුදු ටයි කෝට් පැත්තක තබා ශ්‍රී ලංකා ටී ෂර්ටයක් පැළැඳ නිළියන් සමග එකට වාඩි වී තරග නරඹන ජයන්ත වෙනම ආතල් එකක් ගන්නා අයුරු සමාජ මාධ්‍යයේ විවේචනයට ලක් වුණත් පල්ලෙකැලේ පැවති අන්තිම තරගයේදීත් තම කුටියේ නිළියන් පිරිවරාගෙන ආතල් ගන්නා ජයන්ත එහි සිටියේ මහ රෑත් අව් කණ්නාඩියකුත් පැළඳ ගෙනයි. ඒ අනුව බලන විට ක්‍රිකට් වලින් අප පැරදුණත් උප සභාපති ජයන්ත නම් දිනුම් නේද ?




No comments