ඒ ලෝක වාර්තාවටත් කෙළ වෙන්න යන්නෙ
ලෝකයේ හොඳම ග්‍රවුන්ඩ් ස්ටාෆ් එක ඉන්නෙ ලංකාවෙ කියන එක දැන් ලෝක ප්‍රසිද්ධයි. ඒ ඉක්මනින් මුළු පිට්ටනියම ක්‍රමානුකූල ලෙස කවර වලින් වහන්නයි ඉතාම අඩු කාලයකදී කවර වල වතුර පිට්ටනියට ලීක් වන්න ඉඩ නොදී ආපහු හකුල ගන්නයි ඔවුන්ගෙ තියෙන දක්ෂතාව නිසයි.
ඔන්න දැන් අපේ පුහුණුකාර තුමා අපේ ඒ වාර්තාවත් නැති කරන්න යන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
පල්ලෙකැලේ පැවති දෙවන විස්සයි විස්ස තරගයේ වර්ෂාව නිසා තරගය අත් හිටුවන කොට ඩක් වර්ත් න්‍යායයේ ලංකාව හිටියෙ ඉදිරියෙන්. ඒ කියන්නෙ ආයෙ තරගය යළි ආරම්භ කරන්න බැරි උනා නම් තරගයේ ජය හිමි වෙන්නෙ ලංකාවටයි.
මේ නිසා ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට ඉහළින් පණිවුඩයක් ලැබිල තියෙනවා ආපහු කවර අදින්න හදිසියක් නෑ කියලා.
ඉතින් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකත් එදා වෙනදා දකින කඩිකුලප්පුවෙන් තොරව මන්දගාමීව ඒ කටයුත්ත කරන හැටි පේන්න තිබුණා.
කුඹුරු වගේ පිච් හදලත්, ගුරුකම් කරලත්, තරග දිනන්න බැරි උනාම මෙහෙම බාල ගනයේ හොර වැඩ කරන්නත් පෙළඹෙන මානසිකත්වයක් අපේ අයට ඇතිවෙලා නම් ක්‍රිකට් ගැන වෙන කවර කතාද ඉතින්.?
මොන කෙන්ගෙඩියෙන් හරි දිනල පෙන්නන්න එපායැ.ලංකාවෙ ක්‍රිකට් වැටිල තියෙන තැනක්. අපි මේ හොයාගෙන ජනතාව දැනුවත් කරන කරුණු හෙළිදරව් කරන්න තරම් කොන්දක් තියෙන එක මාජ්‍යවේදියෙක්වත් නැති හැටි. වැඩි හරියක් ඉන්නේ බෝඩ් එකේ පේරෝල් එකේනේ.

No comments