• Breaking News

    ක්‍රිකට් කණ්ඩායම තුළ සනත්ගේ කට්ටඩි ගුරුකම්


    අපේ ක්‍රිකට් කණ්ඩායම තුළ දැන් සිදු වෙන්නේ මීට පෙර නොවූ අමුතුම අමුතු දේවල්. සනත් ජයසූරිය පුහුණුකරු ලෙස ආපසු කට්ටඩියන් පවා කණ්ඩායම තුළට රිංගන්න පටන් අරන්
    .


    ඉන්දීය කණ්ඩායමේත් පන්දු විසි කරන්නකු ලෙස කට්ටඩියෙක් අරන් යෑම කලක පටන් සිදුවන්නක්.


    ඒත් තාමත් සනත් ජයසූරියගේ හා දසුන් ශානකගේ කට්ටඩියන් ඉන්නේ කණ්ඩායමට පිටින්. ඒත් ඔවුන් ක්‍රීඩකයන් සිටින හෝටලයටත් එන අතර තරග නැරඹීමට එන්නේ සනත් හා දසුන්ගේ ටිකට් වලින්.


    දෙවෙනි විස්සයි විස්ස තරගයේ දසුන් අතේ බැඳන් ඉන්න පිරිත් නූල් අතර රතු නූල් ඔබ දකින්න ඇති. ඒ මේ කට්ටඩියකු ජීවම් කර දෙන රතු නූලක්.


    සනත් අතේ කඹයක් මෙන් පිරිත් නූල් බැඳ සිටියත් ඔහු මේ රතු නූල පළඳින්නෙ නැහැ.

    ඒත් ජීවම් කළ සුරයක් රතු නූලක ඔතා ඔහු බොටමේ සාක්කුව තුළ සඟවාගෙන ඉන්නවා. ඔහු නිතර සාක්කුවට අත දමා අත ගාන්නේ ඒ සුරයයි.

    සනත් ක්‍රිකට් ගහන අවදියේත් මෙවැනි ජීවම් කළ සුරයක් බැට් කරන්න යන විට සාක්කුවේ දමා ගෙන යාම සිරිතක්. 


    ඒ අවදියේ ඔහු අතින් පෑඩ් කුට්ටමට තට්ටු කොට ඊළඟට සාක්කුවට තට්ටුවක් දමනවා ඔබට මතක ඇති. 


    මීට අමතරව ඔහු දෙවෙනි තරගය අතර තුර අහස බලමින් මතුරන හැටිත් ඔබ දකින්න ඇති.


    තමන් අසාර්ථක පුහුණුකරුවකු බව දැන් තේරුම් අරන් සිටින සනත් මේ වන විට මාතර ගුරුකම් පවා කරන්න පටන් අරන්.


    මෙවැනි මිථ්‍යා දෘශ්ඨිකයන් සහිත කණ්ඩායමක් බවට දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිල පත්වී අවසන්.


    පාස්ටර් ජෙරොම් ගේද ක්‍රීඩකයන් මේ අතර සිටින අතර ජෙරොම්ගේ බලයද අභිබවමින් දැන් කට්ටඩි බලය ඉස්මතු වී තිබෙනවා. කුඹුරු විකට් සම්ප්‍රදාය බැක් ෆයර් වී තිබීම නිසා දැන් සනත්ගේ අවසන් ප්‍රයත්නය වී ඇත්තේ කට්ටඩි ගුරුකම් මගින් තරග දිනීමයි.

    No comments