• Breaking News

    ඔය ඇති කෝචිං සනත් දැන්වත් ක්‍රිකට් දාල යන්න රත්තරන්


    සනත් ජයසූරිය කියන්නේ අති දක්ෂ ක්‍රීඩකයෙක් බවට විවාදයක් නැහැ. ඒත් ඔහු කිසිම කොලිටියක් නැති චාරයක් නැති කුනු ලෝබයෙක් හා අනුන්ගේ බෙලි කැපිල්ලට දක්ෂයකු බව ප්‍රසිද්ධ කරුණක්. ඔහුගේ මනදොල සපුරන්නන් අතර හිටපු ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මුල් තැනක් ගන්නවා. අනික් පුද්ගලයා තමයි ප්‍රොෆෙසර් අර්ජුන.මාධ්‍ය සගයා අසාම් අමීන්.

     

     පැවැත්ම සඳහා ඒ ඒ කාලෙට බලයට එන දේශපාලන පක්ෂයේ එල්ලීම සනත්ගේ උත්පත්තියෙන්ම එන කපටි උපක්‍රමයක්.


    යූඑන්පියෙන් පටන් ගත් සනත් දැන් ජේවීපී වෙලා. පතෝල ක්‍රීඩා ඇමතිවරයටත් සනත් කියන්නෙ මේ රටේ ක්‍රිකට් ගොඩ දාන්න ආපු වීරයෙක් වෙලා. අනුර කුමාර ජනාධිපති වරයත් හිතන් ඉන්නෙ එහෙමයි. අනේ පව් යාපනේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉන්දීය අගමැති මෝදිගේ උදව්වෙන් හදල දෙන බවට සනත් දුන් ගුලිය කාපු අනුර කුමාර ජනාධිපතිවරයත් උතුරේ ජනතාවට බොරු කාරයෙක් වෙලා.


    සනත්ගෙ ඊළඟ ප්ලෑන් එක පුත්‍රයා රනුක්ව ලංකාවට ගස්සන එක.

     රනුක්ව දැනටමත් SSC ක්‍රීඩා සමාජෙට දාල ප්‍රමුඛ පෙළ ගස්සන්න කටයුතු කරන සනත් කොල්ලා 23 න් පහළ 100ක් ගහපු ගමන් අසාම් ප්‍රමුඛ අපේ ගොබ්බ මීඩියා රෑන ලවා හොඳ පබ්ලිසිටියකුත් අරන් දුන්නා. මේ කොල්ලා නරක නැහැ. ඒත් ඔය වයසෙ ඊට වඩා හොඳ ක්‍රිකටර්ල රටේ ඕනෙ තරම් ඉන්නව. ඩිල්ෂාන් කළෙත් ඔය දේමයි.හොර පාරෙන් තමන්ගෙ දුවව ගෙනත් රත්ගම හොඳ කෙල්ලෙකුගෙ තැන නැති කරපු හැටිත් අන්තිම කැතයි. 

    ඒ වැඩේට පුහුණුකරු මහේෂ් වීරසිංහ උදව්කරා වගේ සනත් පුතාව තල්ලු කරන වැඩේට උදව් කරන්නෙ තිළිණ කණ්ඩම්බියි.

    තිලංගගෙන් ජයන්ත ධර්මදාසට හේත්තු වුණු සනත් දැන් ඉන්නෙ ෂම්මිව කරේ තියාගෙනයි.


    ලක්ෂ 50 ක පඩියකට ක්‍රිකට් කන්සල්ටන්ට් හැටියට ආපු සනත් නැවතුනේ ප්‍රධාන පුහුණුකරු හැටියට තව ඩොලර් 25,000 ක ( රුපියල් ලක්ෂ 75 ) පඩියකුත් එල්ල ගෙනයි.

    ඒ විතරක් නෙවෙයි තමන්ගෙම වාහනය බෝඩ් එකට මාසෙකට ලක්ෂ හයකට රෙන්ට් එකට දීල ඒකම තමන්ගේ නිල වාහනය හැටියට අරන් බෝඩ් එකෙන්ම තෙල් ගහගන්න එකත් හැමෝටම කරන්න බැරි දෙයක්. 


    ඒ දෙයම කරන තවත් ක්‍රිකට් ලොක්කො දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙ වාහන නොම්මරත් එක්කම ඉදිරියේදි හෙළිදරව් කරන්න lankasportsnews සූදානම්.


    ඉස්සර මේ හොරකම් ගැන කෝප් කමිටුවේ තලු මරමින් කියූ හඳුනෙත්තිත් දැන් ඉන්නෙ ෂම්මිලගෙ සාක්කුවට වෙලා කටේ සූප්පුවක් ගහගෙනයි.


    කතාව දෝලාවෙන් උනත් ගමන පයින් යන සනත්ට කෝචිං බැරි බව දැන් ඔප්පු වෙලා ඉවරයි.

     ෂම්මිත් කාලෙක ඉඳන් ලෝක කුසලානෙන් පස්සෙ සුද්දෙක්ව ගේන්න හොයන්නෙ ඒ බව දන්න නිසයි.

    පතෝල ක්‍රීඩා ඇමතිත් හිතන් ඉන්නෙ සනත් කියන්නෙ මාර වැඩ කාරයෙක් කියලයි.

    ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව අලුතින් තේරීම් කමිටු සභාපති හැටියට පත් කළත් ඔහුත් සනත්ගෙ වැඩ වලට බාධා නොකර බලන් ඉන්නෙ සනත් හොඳට නාගන්නකල්. 


    බුකිය පුරා දවසෙන් දවස සනත්ගෙ තිබුණු ජනප්‍රියතාව සීඝ්‍රයෙන් බැහැගෙන යනවා. ඒ අසාම් අමීන්ලටවත් හුණු ගාල බේර ගන්න බැරි තරමට.


    සනත් ඔයා වැඩ බැරි ටාසන් කෙනෙක් බව ඔප්පු වෙලා ඉවරයි.අතේ කඹයක් වගේ පිරිත් නූල් ගැට ගහ ගත්ත කියලවත් මාතර කට්ටඩි කම් ගුරුකම් කළා කියලවත් ක්‍රිකට් ගොඩ ගන්න ඔයාට බැහැ. ඒ නිසා මෙතෙක් හම්බ කර ගත්ත සල්ලි ටිකත් අරන් අපේ රටේ ක්‍රිකට් වලින් චුත වෙලා යන්න රත්තරන්.


    No comments