ක්‍රිකට් විධායක සභාවේ ඉඳන් අනීතිකව මුදල් දීමනා ලබන තවත් හොරෙක් හොංකොං යයි
මුළු ලෝකයේම ක්‍රිකට් පරිපාලකයන් අතර දූෂිතම ක්‍රිකට් පරිපාලකයන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බව අමුතුවෙන් කියන්න දෙයක් නැති බව නොදන්න කෙනෙක් නැති තරම්. දූෂිතයන් පලවා හරින්න පැමිණි මාලිමා රජයේත් රැකවරණය ලබමින් ජනාධිපතිවරයාවද අන්දමින් ෂම්මි , සුජීව ඇතුළු ක්‍රිකට් පරිපාලන නඩය හොරකම් කරන්නේ මහ දවල් බව lankasportsnews පෙන්වා දෙන්නේ අද ඊයෙ නෙවෙයි.
මේ පින්තූරයේ වමේ සිට දෙවෙනියට වාඩිවී ඉන්නේත් විධායක සභාවේ ඉන්නා තවත් වැදගත් පන්නයේ හොරෙක්.
එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රිකට් විධායක සභාවේ සිටින මොහු නමින් සමන්ත දොඩන්වලයි.
ටයි කෝට් අඳින වැදගත් මහත්තයෙක් වගේ නිතර පෙනී හිටියත් ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රිකට් අරමුදල් වලින් ඩොලර් දීමනා ලබා ගන්නා හොරුන්ගේ ගණයට මොහුත් වැටී අවසන්.
ක්‍රිකට් විධායක සභාවට පත් වන්නන්ට දීමනා ලබන්න තහනම්. ඒ ඔවුන් කරන්නේ ගරු සේවයක් නිසයි.
ඒත් රවින් වික්‍රමරත්න, නලින් අපෝන්සු, බන්දුල දිසානායක, සුජීව ගොඩලියැද්ද විධායක සභාවේ සිටිමින් විවිධ කටයුතු වල යෙදෙමින් ලක්ෂ ගණනින් දීමනා ලබා ගැනීම සිරිතක්.
රවින් කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙසින්ද බන්දුල දිසානායක ලංකා ප්‍රිමියර් ලීගයේ නිලධාරියකු ලෙසින්ද ඩොලර් දීමනා ලබද්දී වැදගත් මහත්මයකු ලෙස පෙනී සිටින සමන්ත දොඩන්වලද ප්‍රිමියර් ලීගයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරමින් ඒ සඳහා ලොකු පඩියක් ලබා ගන්නවා.
ඊට අමතරව ඔහු හොංකොං සික්සර්ස් ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙසින් දෙවෙනි වතාවටත් කටයුතු කරන්නේ අමතර ඩොලර් දීමනාවක් ලබමින්.
මීට පෙර හොකොං සික්සර්ස් තරගාවලි වල කළමනාකරු ලෙස කටයුතු කළේ ක්‍රීඩකයකුම වුණත් දැන් එයටද ක්‍රිකට් විධායක සභාවේම අයකු කළමනාකාර ධූරයේ කටයුතු කරන්න පත් කරලා. මාලිමා ආණ්ඩුවේ පතෝල කුමාර ක්‍රීඩා ඇමතිවරයාත් කණ්ඩායම් වලට ඇස් වසාගෙන අත්සන යොදද්දී තවත් මොන කතාද ?

No comments