• Breaking News

    බැඩ්මින්ටන් අනාථයි.! ඒත් සභාපති ගොඩ!


    ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවත් දැන් යන්නේ රිම් එකෙන්. රොහාන් ද සිල්වා සභාපති ධූරය දැරූ කාලයේ ඔහු තම පුද්ගලික මුදල් ලක්ෂ ගණනින් ක්‍රීඩාව සඳහා යෙදවූ බව සත්‍යයක්. ඒ අතර ඔහු නාකි බැඩ්මින්ටන් ටුවර් සඳහාත් ඇති තරම් වියදම් කළා.


    මේ හේතුවෙන් කිනිතුල්ලන් මෙන් ඔහුගේ ඇඟේ එල්ලී ඩිනර්, බොන පාටි හා ටුවර් යන්නත් සෙට් එකක් හිටියා.


    ඉන් අයකු වන රොෂාන් ගුණවර්ධන රොහාන්ට ඇති වී බැඩ්මින්ටන් පරිපාලනයෙන් සමු ගනිද්දී එහි සභාපති පුටුවට ඒම සිදු වුණා.


     ඔය අතර නාකි බැඩ්මින්ටන් වලට ක්‍රීඩාගාරයක් හදන්න රොහාන් පටන් ගත්ත නිසා තව දුරටත් බැඩ්මින්ටන් වලට මුදල් දීමෙන් රොහාන් වැළකුණා. 


    ඒ නිසා ටුවර් ඕගනයිස් කර ළමයින්ගෙන් මුදල් එකතු කර ඉන් යටි මඩි ගහන ගමන් කළමනාකරු හැටියටත් ඒ ටුවර් වලම යාම රොෂාන් සිරිතක් කර ගත්තා. 


    පරිපාලනය කර ගන්න රොෂාන්ට සහාය වුණු ප්‍රධාන විධායකයත් ඊයෙ පෙරේදා අස් වුනා.


    දැන් ඉතින් බැඩ්මින්ටන් ක්‍රීඩාව වළපල්ලටම ගිහින්.

     

    ක්‍රීඩාව බල්ලට ගියත් තමන්ගෙ පොකට් එක පුරවගන්න නම් ටුවර්ම යන්න මාන බලන රොෂාන්ටම හරි යන මෝඩ ක්‍රීඩා ඇමතියෙකුත් ඉන්න නිසා අමාත්‍යාංශයේ මුදලුත් අරන් ළමයින්ගෙනුත් මුදල් අරන් තව ටුවර් කීපයක් යන්න රොෂාන් මේ දවස් වල මාන බලමින් ඉන්න බව lankasportsnews වෙත වාර්තා වෙනවා.


    No comments