ජස්වර්ම තෝරා පතෝල ඇමතිව චූන් කරන නාම මාත්‍රික ජාතික පාපන්දු පිල
මේ පින්තූරය දකින කොට ඔබට කියන්න බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඕනෑම රටක ජාතික කණ්ඩායමක් තමන් තරග වදින තරගයකදී ජාතික ගීය වාදනය කරන විට සියලු දෙනා එයට ගෞරව කිරීම සිදු කරන්නේ හදවතින්මයි. ඒත් මේ පින්තූරයේ අපේ රටේ ජාතික පාපන්දු කණ්ඩායම ජාතික ගීය වාදනය වද්දී සිටින හැටි බලන්න.
මෙයට හේතුව නම් දැන් ශ්‍රී ලංකා පාපන්දු ජාතික පිල නියෝජනය කරන්නේ ඕපපාතික ශ්‍රී ලාංකික පිරිසක් වීමයි.
මෑතක සිට පාපන්දු සභාපති ජස්වර් විසින් ක්‍රීඩා ඇමති පතෝල කුමාරගේ පූර්ණ ආශිර්වාදය ඇතිව ශ්‍රී ලංකා පාපන්දු පිල නියෝජනය කිරීම සඳහා ලොව වෙනත් රටවල ජීවත් වන ලංකාවේ කුමක් හෝ සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩකයන් මෙහි ගෙන්වා ගෙන ශ්‍රී ලංකා ජර්සිය ඇන්දවීම සිදු කිරීම සිරිතක්.
මේ ක්‍රීඩකයන්ගේ ආචිචි හෝ සීයා එසේත් නැත්නම් මුත්තා කිරිකිත්තා ලංකාවේ ඉපිද ඇති අතර ඇතැමුන්ට සිංහලවත් කතා කරන්න බැරිය.
මේ අයගේ පාට හා මුහුණු බැලූ විට ඒවා ලාංකික පෙනුමකින් තොර වන අතර පිටියේ තරග වදින විට දිස්වන්නේ විදෙස් කණ්ඩායමක් තරග වදින අන්දමයි.
ඒත් ශ්‍රී ලංකාවේ ජය පතා අපේ පාපන්දු ප්‍රේක්ෂකයෝ මෙම ඩුප්ලිකේට් කණ්ඩායමට ජය ගෝෂා පැවැත්වීම සිදු කරයි.
දැන් ශ්‍රී ලංකාවෙන් මෙම කණ්ඩායම නියෝජනය කරන එකම ක්‍රීඩකයා ගෝල රකින්නා වන නායක සුජාන් පෙරේරා පමණයි.
සාමාන්‍යයෙන් ඕනෑම ජාතික කණ්ඩායමක් තෝරා ගනු ලබන්නේ අදාල ක්‍රීඩාවේ ජාතික තේරීම් කණ්ඩායම වන අතර ඒ සඳහා ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය අත්‍යවශ්‍ය වෙනවා.
ඒත් පාපන්දුවේ දැන් එවැන්නක් සිදු නොවන අතර ජාතික තේරීමක් නොමැති ජස්වර් විසින් තෝරන කණ්ඩායමක් පතෝල ක්‍රීඩා ඇමතිවරයාගේ අත්සනින් ජාත්‍යන්තර තරගවලට යෙදවීමයි.
ඒත් කණාවට එකක් දෙකක් දින්නාට මාලදිවයිනටත් පරදින්නේ ගෝල 3-1 ලෙසයි.
ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් වල අපට උඩින් සිට්න කණ්ඩායමක් පැරදවූ ගමන් මෝඩ පතෝල ඇමතියාද චූන් වන අතර ඔහු සිතන්නේ මේ කණ්ඩායම මීළග ලෝක ශූරතාවට සුදුසුකම් ලබනු ඇති බවයි.
කපටි නීලකාස හොරකු වන ජස්වර් කරන්නේ ක්‍රීඩාව ගැන අබමල් රේණුවක් නොදන්නා මේ ඇමතියාව තවත් ෆෝම් කිරීමයි.
ඔලිම්පික් දිවූ නියෝජ්‍ය ඇමති සුගත්වද ගණන් නොගන්නා උද්දච්ච ක්‍රීඩා ඇමතිවරයා කරන්නේ මෙරට ක්‍රීඩාව මාලිමා රජයක් යටතේ නැත්තටම නැති කිරීමයි.
අප රටේ පාපන්දු ක්‍රීඩාවට අද ලබා තිබෙන ඉරණම ගැන lankasportsnews වෙත අදහස් දැක්වූ හිටපු පාපන්දු පරිපාලකයකු වන සුනිල් සෙනවීර මහතා පැවසුවේ මේ යන විදියට දේශීය අන්තර් ක්‍රීඩා සමාජ, අන්තර් ලීග පාපන්දු තරගාවලි පැවැත්වීමේ තේරුමක් නැති බවයි. මේ ආකාරයට ජාතික පිල නාම මාත්‍රික ඉම්පෝට් ක්‍රීඩකයන්ගෙන්ම පුරවද්දී බොහෝ දේශීය මට්ටමේ දක්ෂ ක්‍රීඩකයන් පාපන්දු ක්‍රීඩාව හැර යාම නියත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.


No comments