ජාත්‍යන්තරයේ නෝන්ඩි වන අම්පයර්ලා හා බෝන් අගේන් අම්පයර්ලා
ඉන්දීය පිලේ එංගලන්ත සංචාරයේදී තරග විනිසුරුවරයකු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේන එම තරගාවලිය නිම කළේ කාගේත් අවධානය දිනා ගනිමින්. ඒ ඔහු එම තරග වලදී ඉතාමත් හොඳින් තරග විනිශ්චයේ යෙදුනු නිසයි.
ධර්මසේන එසේ හොඳින් විනිශ්චයේ යෙදුනේ ලංකාවේ ඔහුගේ වල්ලපට්ට වගාව හා සුවඳ විලවුන් නිෂ්පාදනයට වැඩි අවධානයක් යොමු කරමින් සිටින අතර තුරයි.
ඒ වගෙම මේ වෙනකොට ඩුබායි හා අබුඩාබියේ පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ විනිසුරුවරයකු ලෙස කටයුතු කරන ධර්මසේනගේ අයිසීසී විනිසුරු සගයා වන රුචිර පල්ලියගුරුත් දැන් කවුරුත් කතා කරන චරිතයක් බවට පත්වෙලා.
ඒ හැබැයි ධර්මසේන වගේ හොඳ විනිශ්චයක යෙදිල නෙවෙයි. ලජ්ජාසහගත අජූත විනිශ්චයක යෙදිලයි.
ඒ මදිවාට පිටියේ පන්දුරකින්නකු එල්ල කළ පන්දුවක් ඔලුවේ වැදී ඔහුව රෝහල් ගත කරන්නත් සිද්ධ වුණා.
ඉන් පසු ඉන්දු පකිස්තාන් සුපිරි හතර වටයේ තරගයේ තුන්වැනි විනිසුරු ලෙස හිඳිමින් ඉන්දියාවට සහාය පළ කරන දැවී යාමක්ද දීම නිසා ක්‍රිකට් ලෝලීන් අතර හිනාවට භාජනය වුණා.
ෆේස් බුකිය පුරා රුචිර පල්ලියගුරු හාස්‍යයට ලක් කරන පෝස්ට් තොග ගණනින් මේ වෙනකොට වැටෙන්න පටන් අරන්.
ක්‍රීඩකයො වගෙම තමයි විනිසුරුවරයොත් හොඳට කරන කොට ප්‍රශංසා ලැබෙනව වගෙම පිස්සු කෙළින කොට හතර වටෙන්ම කන්න වෙනවා. අයිසීසියෙනුත් කැපෙනවා.
අයිසීසියෙ එහෙම උනත් ලංකාවෙ නම් එහෙම වෙන්නෙ නැහැ.
උග්‍ර බෝන් අගේන් පාස්ටර් ජෙරොම් අනුගාමිකයකු වන හැනිබල් විනිශ්චයකාරයාට නම් කොයි තරම් මිස්ටේක් කළත් ලංකාව ඇතුලෙ තරග හම්බ වෙනවා. ඒ ක්‍රිකට් ආයතනයේ ඩොමස්ටික් හෙඩ් හා අම්පයර් හෙඩ් යන දෙන්නාම උග්‍ර පාස්ටර් ජෙරොම් වාදීන් නිසයි.
No comments