• Breaking News

    ෂම්මිලා රකින්න ක්‍රීඩා ඇමතිගෙන් නව සංශෝධනයක්


    අපේ රටේ ක්‍රීඩාවේ උන්නතිය කෙසේ වෙතත් එහි අවගමනය වෙනුවෙන් පත් කර ඇති ක්‍රීඩා ඇමතිවරයා ගැන lankasportsnews කොතෙකුත් දේ හෙළිදරව් කර තිබෙනවා.  මොහු ක්‍රිකට් බලධාරින්ගෙ දූෂණ ගැන ඇස් පියාගෙන ඉන්නෙ ෂම්මිගෙ පොකට් එකට වැටී ඉන්න නිසා බව දැන් මුළු ලංකාවම දන්න දෙයක්.


    ෂම්මි බලු බෙට්ටක් පෙන්වා ඒ රත්තරන් පොල්ලක් කිව්වත් පිළිගන්නා සුනිල් කුමාර ගමගේ පතෝල ඇමතිවරයා ක්‍රිකට් ව්‍යවස්ථාව තමන්ට තව දුරටත් බලයේ සිටින්නට ඕනෑ හැටියට වෙනස් කර ගැනීම ගැන පවා වචනයක් නොකී අතර දැන් ෂම්මිට තව සැරයක් සභාපති වෙන්න පුළුවන් ආකාරයට පාර්ලිමේන්තුවේ සම්මත කළ නව ක්‍රීඩා පනතත් යළි සංශෝධනය කරන්න යන බව lankasportsnews වෙත වාර්තා වෙනවා.


    අවුරුදු 8 ක් ප්‍රධාන නිලතල දැරූවන්ට යළි ප්‍රධාන නිලයකට තරග වැදිය නොහැකි යන වගන්තිය වෙනස් කොට එය අවුරුදු 12 ක් ලෙස දීර්ඝ කිරීමට ක්‍රීඩා ඇමතිවරයා සළකා බලමින් සිටින බව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.


    මේ පිළිබඳව පසුගියදා ක්‍රීඩා ඇමතිවරයා ෂම්මි හා සුජීව ගොඩලියැද්ද සමග රහස් හමු කිහිපයක් පැවැත්වූ බව ක්‍රීඩා අමාත්‍යංශ නිලධාරියෙක් අපට පැවසුවා. 


    ඔහු වැඩිදුරටත් පැවසුවේ සුනිල් කුමාර ගමගේ ඇමතිවරයාගේත් වත්කම් බැරකම් පරීක්ෂාවක් කළහොත් වැඩි විස්තර දැන ගත හැකි බවයි.


    වත්මන් ක්‍රිකට් භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දට නව ක්‍රීඩා පනත් රෙගුලාසි අනුව භාණ්ඩාගාරික ධූරයේ රැඳී සිටීමට කිසිදු සුදුසුකමක් නැතත් පතෝල කුමාර ඇමතිවරයා මේ දක්වා ඒ පිළිබඳව කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නොමැති අතර ඔහු පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ හා ජාතික තේරීම් කමිටුවේ පවා නීත්‍යානුකූල නොවන පත්වීම් මාධ්‍ය ඔස්සේ පෙන්වා දී ඇතත් ඒ ගැන හෝ කිසිදු තැකීමක් කර නොමැති බව අප කියන්නේ වගකීමෙන්.



    No comments