ක්‍රිකට් ණය නෑ - දැන් ලාභයි - තිලංග
ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය සංවර්ධනය හා මූල්‍ය ප්‍රගතිය යන ද්විත්ව ඉලක්කයන් කරා සාර්ථකව පියනගමින්
සිටින බව සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.
“වසර දෙකකට
පෙර මේ ආයතනය අප භාරගත්තේ රුපියල් බිලියන පහක ණය බරක් සහතිවයි. ආයතනය ණය බරින් ගලවාගෙන ලාභ ලබන සේවා ස්ථානයක්
බවට පත් කරන්නේ කෙසේද යන ගැටළුවලට අප එදා මුහුණදුන්නා. නමුත්, මා අද සතුටින් ප්‍රකාශ කරනවා ක්‍රිකට් ආයතනය
දැන් ලාභ ලබන ආයතනයක් බව.”
තමා රාජකාරී
භාරගන්නා අවස්ථාවේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ඩොලර් මිලියන 80ක මුදලක් ශ්‍රී
ලංකාවට සාමාජික මුදල් වශයෙන් ගෙවීමට එකගව සිටියත් සාමාජික රටවල සහයෝගයෙන් එම මුදල
ඩොලර් මිලියන 120 දක්වා වැඩි කරගනිමින් ආයතනයේ ආදායම ඉහළ නැංවීමට සමත් වූ බවද ඔහු
පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු සම්පත් හා මුදල් පරිපාලනය
කිරීම සඳහා ආයතනයට
සම්බන්ධ වත්කම් කළමණකාරන අනුබද්ධ සමාගමක් පිහිටුවීමට සැලැසුම් සකස් කර ඇතැයි ද ඔහු
පවසනවා.
“අප මේ ආයතනය භාරගන්නා විට
ආයතනය මගින් ක්‍රිකට් සමාජ 132ක් පාලන කළා.
අප එය 24 දක්වා අඩු කර පළාත් හා දිස්ත්‍රික්කවලට බලය විමධ්‍යගත කර ක්‍රිකට්
ආයතනයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔවුනට තීරණ ගැනීමේ හා සංවර්ධන කටයතු ක්‍රියාත්මක
කිරීමේ බලය පැවරුවා. ”
No comments