දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය
එක්සත් අරාබි
එමීර් රාජ්‍යයේ හා ලාහෝරයේදී මේ මස 9 සිට 22 දක්වා පැවැත්වෙන දෘෂ්‍යාබාධිත ක්‍රිකට්
ක්‍රීඩකයන්ගේ පස්වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා. තරගාවලියට
සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 17ක් හා නිලධාරීන් තිදෙනෙකු අයත් වන
අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුනගේ ක්‍රිකට් උපකරණ සහ ගුවන් බලපත්‍ර වෙනුවෙන්
රුපියල් මිලියන 1.1ක වැයකර තිබෙනවා. එක් කණ්ඩායමකට ඕවර 40ක් පිරිනැමෙන මේ තරගාවලියට
සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම මෙම මස හයවන දා ඩුබායි බලා පිටත්ව යනු ඇති. ක්‍රිකට් ආයතනය දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන්
වෙනුවෙන් එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැති විකට්ටුව, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ තණතිල්ල
(මධ්‍ය විකට්ටුව) හා පුහුණුකරුවකුගේ සේවයද සපයා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනය මේ අනුග්‍රහයන්ට අමතරව දෘෂ්‍යාබාධිත ලෝක ක්‍රිකට් සංගමයේ 2017 වසරේ මෙරට
සාමාජික මුදල වන බ්‍රිතාන්‍ය පවුම් 200ක් (රුපියල් 40000ක් පමණ) බංග්ලාදේශයේ
පැවැත්වෙන වාර්ෂික මහා සභා රුස්වීමට සහභාගිවීමට නියෝජිතයන් දෙදෙනෙකු සඳහා ගුවන්ගමන් බලපත්‍ර
වියදම් ද (ක්‍රිකට් ඒඩ් ආධාර මත රුපියල් 219000/-) මුදලක් ද සපයනු ඇතැයි සදහන්. ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ
උපදෙස් මත ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රධානි හා ක්‍රිකට් ඒඩ් (ආධාර) අංශ සුපරීක්ෂක උප සභාපති කේ.
මතිවානන් මහතා අදාල අනුග්‍රාහක චෙක්පත කණ්ඩායමේ කළමනාකරු එච්. ජී. චමින්ද
පුෂ්පකුමාර කරුණාරත්න මහතා වෙත ක්‍රිකට් ආයතනයේදී ප්‍රදානය කළේය.
ආබාධිතයන් සඳහා වන ක්‍රිකට් සංගමයේ
සාමාජිකත්වය දරන ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චන්දන දේශප්‍රිය
දරයි. 2012 සිට මෙහි සූරතාව දිනා ඇත්තේ
ඉන්දියාවය. 2014 දී ශ්‍රී ලංකාව අවසාන
පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා. ශ්‍රී ලංකාව
හිටපු සූරයන් වන ඉන්දියාව පාකිස්තානය බංග්ලාදේශය නේපාලය හා ඕස්ට්‍රේලියාව සහභාගි
වන මේ තරගාවලියේ මූලික තරග රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වේ.
No comments