• Breaking News

    හතුරුසිංහ ක්‍රිකට් ගොඩදායි ? හතුරුසිංහ වලේ වැටෙයි ?

    ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා වැඩ භාර ගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම යලි ජයග්‍රාහී මාවතේ යනු ඇතැයි රටම බලාපොරොත්තු වනවා. එහෙත් ඊට ක්‍රීඩකයින් මෙන්ම ක්‍රිකට් ආයතනයත් සහය ලබා දිය යුතුයි. බංග්ලාදේශය ඉතා පහල මට්ටමක සිට අද වන විට ජයග්‍රාහි මාවතට පැමිණ සිටිනවා. එහි පූර්ණ ගෞරවය එවකට බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාට හිමිවිය යුතුයි. ඊට තේරීම් වල සිට අනෙකුත් සියලු කටයුතු වල පූර්ණ ඒකාධිකාරය ඔහුට පැවරීම හේතුවුණා.
    කෙසේ වෙතත් මෙම වසරේදී ප්‍රධාන පුහුුණුකරුව තේරීම් කමිටු සාමාජිකයකු බවට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බව පසුගියදා පැවසුවා. කෙසේ වෙතත් කණ්ඩායම් කළමණාකරු අසංක නිසිලෙස කටයුතු කිරීමට හතුරුසිංහට ඉඩ දෙනු ඇත්ද ? මීට පෙර ප්‍රධාන පුහුණුකරුවන් කිහිපදෙනෙකුටම එලෙස වැඩ කිරීමට ගුරුසිංහ ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ පිලිබද ක්‍රිකට් ආයතනය වැඩි අවධානයකින් කටයුතු කළ යුුතුයි.

    මේ අතර හතුරුසිංහ අනුගමනය කරන්නේ ඔහුටම ආවේනික පුහුණුක්‍රමයක් බව ක්‍රීඩකයකු ලංකා ස්පෝට්ස් නිව්ස් වෙත පැවසුවා. එය වඩා නිරවුල් බවයි ඔහු පැවසුවේ. එමෙන්ම සිංහලෙන් අවශ්‍යදේ වඩා පැහැදිලිව තේරුම් කරන බවත් ඔහු කියා සිටියා. ක්‍රීඩකයින්ගේ තාක්ෂණයේ වෙනසක් මෙන්ම මානසිකත්වයේ වෙනසක්ද ඉදිරියේදී සිදුවනු ඇතැයි ඔහු පැවසුවා. මේ ක්‍රමය ඉදිරියට පවත්වාගෙන ගියහොත් 2019 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගැනීම අපහසු නොවන බවයි ඔහු කියා සිටියේ. කෙසේ වෙතත් මේ සියල්ල සිදුවීමට නම් ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයින් චන්දික හතුරුසිංහ මහතාට නොමද සහය ලබා දිය යුතුයි.

    No comments