ක්‍රිකට් ආයතනයේ වැටුප් ලයිස්තුවේ හිටපු හමුදා ලොක්කෙකුත්!
හිටපු පොලිස්පති දේශබන්දුට ක්‍රිකට් ආයතනයෙන් මාසික පඩියක් ගෙවූ බව පාර්ලිමේන්තුවේ පවා කතා බහට ලක්වූ කරුණක්.
ක්‍රිකට් බලධාරින් මෙය ප්රතික්ෂෙප කළත් මීට පෙර කෝප් කමිටුවකදී එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ප්‍රශ්න කොට තිබුණු අතර එහිදී තමන් දේශබන්දුට මාසිකව ලක්ෂ එකහමාරක දීමනාවක් ගෙවීමට යෝජනා කළ බව ඔවුන් එහිදී පිළිගනු ලැබුවා. කෝප් කමිටුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිගින් දිගටම අසා සිටියේ දේශබන්දුට මෙවැනි දීමනාවක් ගෙවීමට යෝජනා කිරීමම බරපතල වරදක් ලෙසයි.
මෙලෙසම තවත් හමුදා ප්රධානියකුටද ක්‍රිකට් ආයතනය වසර ගණනක් මුළුල්ලේ වැටුප් ගෙවා ඇති බව lankasportsnews වගකීමෙන් යුතුව වාර්තා කරනවා.
මේ හිටපු හමුදා ප්‍රධානියා ක්‍රිකට් ආයතනය තුළම රැඳී එහි ආරක්ෂක කටයුතු භාර නිලධාරියා ලෙස කලක් කටයුතු කර පසුව ආණ්ඩුකාර ජොබ් එකක් ලැබීම නිසා ක්‍රිකට් ආයතනයේ ඔහුට ලබා දී තිවුණු කාර්යාලයෙන් ඉවත්ව ගියද මෑතක් වන තුරුම ඔහුගේ වැටුප මාසිකව ගෙවා තිබෙනවා.
මේ අනුව ඔහු තම හමුදා විශ්‍රාම වැටුපත්, ආණ්ඩුකාර වැටුපත් ක්‍රිකට් ආයතනයේ වැටුපත් යනුවෙන් වැටුප් තුනක් කිසිදු ලජ්ජාවකින් තොරව ලබා ගෙන තිබෙනවා.
මෑතකදී ක්‍රිකට් ආයතනයේ සිදු කෙරුනු අභ්‍යන්තර විගණනයකදී මොහුට තවමත් වැටුප් ගෙවීම පිළිබඳ ප්‍රශ්න කෙරුණු නිසා ගෙවීම නවත්වා ඇති බව lankasportsnews වෙත වාර්තා වෙනවා.
මාලිමා රජය පත්වීමෙන් පසු මේ දක්වා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවා නොමැති අතර එය මෙතෙක් පමා කිරීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිප දෙනකුම හෙට අනිද්දා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට යන බවද වාර්තා වෙනවා.
මේ අතර මාලිමා රජයේ ක්‍රීඩා ඇමතිවරයා හා නියෝජ්‍ය ඇමතිවරයාද ක්‍රිකට් ආයතනයේ උත්සව වලට ටයිකෝට් පැළඳ සහභාගි වෙමින් ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ලාංචනය යෙදූ බෑග් වලට දමා පාසල් හා ක්‍රීඩා සමාජ වලට බෙදමින් යන බවත් වාර්තා වෙනවා.
කොහොම වුණත් නවින් දිසානායක ක්‍රීඩා ඇමති වරයාගෙන් පසුව ක්‍රිකට් ආයතනයට එරෙහිව උඩු ගම් බලා පීනුවේ රොෂාන් රණසිංහ විතරයි
අනෙක් සියලුම ක්‍රීඩා ඇමති වරුන් ( ඩලස් එහෙමට සවුත්තු නොවී තැන තියන් හිටියා) ක්‍රිකට් බලධාරීන්ගේ සාක්කුවට වැටී සිටියා.
හරීන් ප්‍රනාන්දු ක්‍රිකට් බලධාරීන් එක්ක එකතු වෙලා මහ පරිමාණයෙන් බිස්නසුත් කළා.ඔහුගෙ ගජ මිතුරු සමාජය තවමත් ක්‍රිකට් ආයතනයේ හොල්මන් කරනවා.
ක්‍රිකට් ආයතනයේ දූෂණ නැති කරන බවට ප්‍රතිපත්ති ප්රකාශනයේම සඳහන් කරමින් බලයට ආ මාලිමා ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිත් ක්‍රිකට් බලධාරින්ට රෙදි නැතිව කඩේ යනවා. ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ කියන්නේ ඒකයි.
No comments