හයියෙන් ගහන හැටි සනත්ට උගන්නන්න එංගලන්තෙන් සුද්දෙක් ගෙන්නලා
මේ වෙනකොට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු හැටියට කටයුතු කරන්නෙ සනත් ජයසූරියයි. ඔහුගෙ මාසික වැටුපත් කලින් හිටිය විදෙස් පුහුණුකරවන් ලැබූ ඩොලර් 15,000 ට වඩා වැඩි වැටුපක්.
ඒ කියන්නෙ ලක්ෂ 50 කට වැඩි වැටුපක්.
ඒ වගෙම සනත් ජයසූරිය කියන්නෙ ලංකාවෙ බිගි වුණු වඩාත් වේගයෙන් බෝලෙට පහරදුන් පිතිකරු බවට තර්කයක් නැහැ.
සනත්ගෙ පුහුණුකරු භූමිකාවෙ අනිකුත් අංග කෙසේ වෙතත් ඔහු බෝලෙට වැරෙන් පහරදුන් ක්රමය ගැන දැන් ඉන්න පිතිකරුවන්ට කියා දෙන්න ඔහුට වඩා සුදුස්සෙක් නැහැ.
එහෙම තියෙද්දි ක්රිකට් බෝඩ් එක එංගලන්තෙන් අමතර පුහුණුකරුවෙක් මෙහෙ ගෙනල්ලා. ඒ ජුලියන් වුඩ්.
හරිනම් බෝලෙට වැරෙන් පහර දෙන ආකාරය වුඩ් සනත්ගෙන් ඉගෙන ගත යුතුයි.
සනත්ට උදව්වට ඩිෆෙන්සිව් ගහන හැටි උගන්නන කෝච් කෙනෙක් ගෙනාව නම් තව කමක් නෑ ටෙස්ට් තරගත් ඉස්සරහට තියෙන නිසා.
අර මාතරදි ජනාධිපති අනුර කුමාර කිව්ව වගේ ක්රිකට් බෝඩ් එකේ හොඳට සල්ලි තියෙන නිසා හොඳයි. වුඩ් වගේ කෝච්ලා වැඩි ගනනක් ගෙවල මෙහෙ ගෙන්න ගන්නෙ ඒකයි.
කෙත්තාරාමෙ පඳුරකට පයින් ගැහුවම දුසිම් ගණන් විසිවෙන තරමට පුහුණුකරුවො හයි පර්ෆෝමන්ස් එකේ ඉන්දැද්දි මේ වගේ කාලෙන් කාලෙට එක එක පුහුණු කාරයො ගෙන්වන එක දැන් පුරුද්දක් වෙලා.
මේ යන විදියට ඩිෆෙන්ස් එක හරියට ගහන හැටි උගන්නන ස්පෙෂලිෂ්ට් කෝච් කෙනෙක්, ඩ්රයිව් එක බිම දිගේ ගහන හැටි උගන්නන කෝච් කෙනෙක්,හුක් එක ගහන හැටි උගන්නන කෝච් කෙනෙක්, බෝලෙ අත අරින විදිය උගන්නන කෝච් කෙනෙක්, විකට් අතර දුවන හැටි උගන්නන කෝච් කෙනෙක් සනත්ට උදව්වට ගෙන්නුවොත් පුදුම වෙන්න දෙයක් නෑ.
සනත්ගෙ ලෙවල් 3 එක සම්පූර්ණ කරන්නත් මේ දවස් වල උදව් කරන්නෙ හයි පර්ෆෝමන්ස් කෝච්ල නිසා ඒ ගොල්ලන්ගෙ වැඩ කරන්න තවත් කෝච්ලා බඳව ගන්නත් ඉඩ තියෙනවා. ඉස්සර හෙඩ් කෝච් හැටියට සුද්දෙක් අරන් එයාට සපෝට් කරන්න ගන්නෙ ලෝකල් කෝච්ලා. දැන් හෙඩි කෝච් හැටියට ලෝකල් කෙනෙක් අරන් එයාට සපෝට් කරන්න සුද්දො ගේනවා.හරියට පුනරුදේ වගේ.😀 අර ජනාධිපති තුමා කිව්ව වගේ ක්රිකට් බෝඩ් එකට උතුරන්න සල්ලි තියෙන නිසා හොඳයි.
No comments