අපේ ක්‍රිකට් පිලේ මොරාල් නංවන්න ලොන්ත බංගලියන්ගෙන් ලොකු සහායක්
මේ වන විට ලෝක ශ්‍රේණිගතකිරීම් වල පහල සිටින දුර්වල කණ්ඩායමක් වන බංග්ලාදේශ පිල සමග එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීම සනත් ජයසූරියට හා ෂම්මි ප්‍රමුඛ ක්‍රිකට් බලධාරීන්ට හා මෙරට බොහෝ මාධ්‍ය කරුවන්ට අග්‍රගන්‍ය ජයග්‍රහණයක් බවට පත්වී තිබීම සමාජ මාධ්‍ය වල උපහාසයට ලක්ව තිබෙනවා.
එල්ලෙන්න වැලක් නැතිව ඉන්නා විට පිදුරු ගහෙත් එල්ලීම සිරිතක්.
බංගලියන් සමග විස්සයි විස්ස තරගාවලියද ජය ගත් පසු ඇතැම් විට සනත් ප්‍රමුඛ කණ්ඩායම කොළඹ වටේ රිය පෙරහැරකින් ගෙන යාමටත් ඉඩ ඇති බව ක්‍රිකට් විධායක සභාවේ අයෙක් lankasportsnews වෙත කියා සිටියා.
මේ මාස එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකා 19 න් පහළ පිල බංග්ලාදේශයටත් ඉමර්ජින් පිල කොදෙව්වන්ටත් ඒ පිල ඕස්ට්‍රේලියාවටත් පැරදීමෙන් පෙනෙන්නේ අනාගත සුබ පෙර නිමිති නෙවෙයි. එහෙත් ක්‍රිකට් බලධාරීන්ගේ වත්කම් නම් ඉතාමත් ඉහළ මට්ටමකින් වැඩි වී ඇතැයි වාර්තා වෙනවා.
No comments