ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් ක්‍රිකට් තරග යථාර්ථය කියල දෙයි
Lankasportsnews වාර්තා කාරයෙක් මීට දවස් කීපෙකට උඩදි ආර්. ප්‍රේමදාස පිටියේ ලංකාවත් බංග්ලාදේශයත් අතර දෙවෙනි එක් දින තරගය නරඹන්න ගියා. මැච් එකේ අන්තිම හරියෙ ඔහු ප්‍රෙස් බොක්ස් එකෙන් ඉවතට ගිහින් ප්‍රේක්ෂකාගාරයෙ ප්රේක්ෂකයො අතර ඉඳගෙන මැච් එක බැලුවා.
ඔහු ළඟ හිටපු ප්රේක්ෂකයො දෙන්නෙක්ගෙ කතා බහ අමුතු ස්වරූපයක් ගත්තා.
ඒ නිසා වාර්තාකාරයා එයින් එක්කෙනෙක් එක්ක කතාවට වැටුනා.
" මල්ලි අපි පරදින්න වගේ යන්නෙ නේද "
" බලන්න දෙයක් නෑ අයියෙ ෂුවර් එකටම පරදිනවා."
"ඔයා කොහොමද හරියටම කියන්නෙ. මේ ඇවිත් තියෙන්නෙ අපිට වඩා පහළින් ඉන්න නන්නත්තාර වෙලා ඉන්න බංගලි ටීම් එකක්නේ"
"මේකනෙ අයියා වැඩේ.අපේ අයට මැච් තුනම දිනන එක වැඩක් නෙවෙයි. ඒත් මේක පරදිනවා. එතකොට අන්තිම මැච් එකට යනකොට සීරීස් එක ලෙවල්. එතකොට බුකි කාරයන්ට හොඳයි."
"ඒ කොහොමද"
"ඇයි අයියා තේරෙන්නෙ නැද්ද එතකොටනෙ වැඩි උනන්දුවක් තියෙන්නෙ ඔට්ටු දාන උන්ට. එයාල දෙපැත්තටම දානවා. ඔය 1XBat ලට තමා වාසි. එයාලනෙ ටූනමන්ට් එක ස්පොන්සර් කරන්නෙත්.
ඔය කොම්පැණිය ICC එකෙත් ඉන්න ඉන්ඩියන් ක්‍රිකට් ලොක්කෙක්ගෙනෙ.
ඒකෙ ෂෙයාර් එකක් අපේ ක්‍රිකට් ලොක්කෙකුටත් තියෙනවා. අයියෙ ඔයා මීඩියා කෙනෙක් නේද ඔය පාස් එකකුත් එල්ලගෙන ඉන්නෙ.ඔයාල මේව දන්නෙ නැද්ද. ඔය පාස් එක පොඩි ළමේකුට දෙන්න" මේ කතාව අහන් හිටපු අපේ වාර්තාකාරයා ආපහු ප්‍රෙස් බොක්ස් එකට ගියා.
No comments