ලසිත් මාලිංග නව වසරට ගහපු ගැටේ
ශ්‍රී ලංකා ක්‍රිකට්
පිටියෙන් බිහිවූ විශේෂිත ක්‍රීඩකයෙක් ලෙස ලසිත් මාලිංගව හැදින්විය හැකියි. එහෙත්
මේ වන විට ඔහු කඩුලු දවාගැනීම් අතර නොසිටීම හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමි ක්‍රීඩකයින්
අතරයි සිටින්නේ. නිමාවූ ඉන්දීය තරග සංචාරයේදී මාලිංගට අවස්ථාවක් හිමි නොවූවා සේම
එළබෙන බංග්ලාදේශ සංචාරයේදීත් අවස්ථාවක් නොලැබීමට වැඩි ඉඩක් පවතින්වා. මෙම තත්වය
තුල බොහෝදෙනෙකු බලාපොරොත්තු වූයේ ලසිත් මාලිංග අද හෝ හෙට සමුගනු ඇති බවයි. ඒ
සියල්ලන්ට අපූරු පිලිතුරක් ලබාදීමට ඔහු පසුගියදා කටයුතු කළා.
2019 එක්දින ක්‍රිකට්
ලෝක කුසලානයෙන් පසු තමන් ක්‍රිකට් පිිටියට සමුදෙන බව ලසිත් මාලිංග මාධ්‍ය හමුවේ ප්‍රකාශ
කළා. මේ අනුව ඒ දක්වා ඔහු ගැන තේරීම් කමිටුව අවධානය යොමු කළ යුතුයි. කෙසේ වෙතත් මේ
දක්වා තේරීම් සදහා ඔහුව සලකා බැලීමට කටයුතු නොකලේ ආබාධවලින් පසු කඩුලු දවා ගැනීම
දක්ෂතා නොදැක්වීම හේතුවෙනුයි. මාලිංග චන්දික හතුරුසිංහ යටතේ යලිත් දක්ෂතා අතරට
පැමිනේවිද ? ඒ සදහා ඔහුට අවස්ථාවක් හිමිවේද ?
No comments