• Breaking News

    මහේලයි සංගයි බෑ කියලා

    ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් යුගලයක් වන මහේල ජයවර් ධනට හා කුමාර් සංගක්කාරට බංග්ලාදේශයෙන් ආරාධනයක් ලැබී තිබෙනවා. ඒ එරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර භාරගැනීම සදහායි. කෙසේ වෙතත් එය ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂ්ප කර ඇතැයි සදහන්. මේ අනුව ඔවුන් ලබන 17 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ඔවුන් එක්වීමට නියමිතව ඇත්තේ ප්‍රධාන පුහුණුකරුවකු නොමැතිවයි.

    බංග්ලාදේශ ක්‍රිකට් ආයතන සභාපති නස්මුල් හසන් මහතා පවසන්නේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ එක්වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට ඔවුන්ගේ සහය පුහුණුකරු ඇතුලු පුහුණු කාර් ය මණ්ඩලය කණ්ඩායමට අවශ්‍ය කටයුතු කරනු ඇති බවයි. ඊට එරට ක්‍රිකට් ආයතනයද පුර් ණ සහය ලබාදෙන බව ඔහු පවසනවා. ඒ අතරතුර ප්‍රධාන පුහුණුකරුවකු සොයාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළකරනවා.

    No comments