හතුරුසිංහව නැතිකළ ශ්‍රී ලංකා ක්‍රිකට්
බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට්
තරගාවලියේ සිම්බාබ්වේ සමග පැවති පලමු එක්දින තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. මෙම
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමටයි ශ්‍රී ලංකාව තීරණය කළේ. මේ අනුව
පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත්තා.
පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාවට සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 278 ක්
පමණයි.
කෙසේ වෙතත් තරගාවලියේ
බංග්ලාදේශය සමග පැවති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු
170 ක් පමණයි. මේ අනුව බංග්ලාදේශයට වඩා ශ්‍රී ලංකාව සිටින්නේ දෙගුණයකටත් පිටුපසින්
බව තහවුරු වුණා. හතුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ ගැනීමට නම් තවත් වසරක්වත් යනු
ඇති බවයි විචාරක මතය.
No comments