ජාතික ඔලිම්පික් කමිටුවේ මහා පරිමාණ වංචාව
ජාතික ඔලිම්පික් කමිටුවේ
නිලවරණයේදී සභාපති අපේක්ෂක දූරයට තමන් තරග කරන බව රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා. ජාතික
ඔරු පදින්නන්ගේ සංගමයේ සභාපති ලෙස කටයුතු කරන රොහාන් ප්‍රනාන්දු මහතා ඔලිම්පික්
කමිටු නිලවරණයේ සභාපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන්නේ එහි දූෂණය පිටුදැකීම වෙනුවෙන්
බවයි කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ. වත්මන් පාලනය 2013 වසරේ සිට
ගිණුම් විගණනය සදහා විගණකාධිපතිවරයාට ඉදිරිපත් කළේ පසු ගිය වසරේදීයි. එහෙත් එය
මෙතෙක් සාමාජික සංගම් වෙත ඉදිරිපත් කර නැහැ. මේ අතර ජාතික ඔලිම්පික් කමිටුව මුදල්
වියදම් කර ඇත්තේ කිසිදු විනිවිදභාවකින් තොවරව බවයි සභාපති අපේක්ෂක රොහාන් ප්‍රනාන්දු
මහතා පැවසුවේ. ඔහු කැදවා තිබූ මාධ්‍ය හමුවට ජාතික සංගම් 15 ක නියෝජිතයින් පැමිණ
සිටියා. තවත් සංගම් 06 ක් තමන්ට සහය දෙන බව පවසා ඇතැයි ඔහු කියා සිටියා. ජාතික
ඔලිම්පික් කමිටුවට අනුබද්ද සංගම් ගණන 26 ක්.
මේ අතර විගණනය වසර 05 ක
විගණනය සිදු නොකිරීමට හේතුව ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික ඔලිම්පික් කමිටුවෙන් විමසා
ලිපියක් යවා තිබෙනවා. පසුගියදා අමාත්‍යවරයා පැවසුවේ වත්මන් සභාපතිවරයාට /
ලේකම්වරයාට හා භාන්ඩාගාරිකවරයාට යලිත් නිලවරණයකට ඉදිරිපත්වීමට අවස්ථාව ලබා නොදෙන
බවයි. ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ලබන පෙබරවාරි 23 වැනිදා පැවැත්වීමට
නියමිතයි.
වත්මන් සභාපතිවරයා හා
ලේකම්වරයා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඇමක් ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා
බියගැන්වීමට යොදා ගනිමින් සිටිනවා. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට
නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලින් පසු නිලවරණය පැවැත්වීමටයි. ඒ පෙබරවාරි
23 පැවැත්වීමට නියමිත නිලවරණයෙන් ඔවුන්ගේ පරාජය තහවුරු වී ඇති නිසයි. මෙරට ක්‍රීඩාවට
හෙනගැසුවත් ඔවුන්ට කම් නැත. අවශ්‍ය සදහා ඔවුන්ට ඕස්ට්‍රේලියාවට යාම පමණයි. නිලවරණය
පැවැත්වීමට උත්සාහ ගතහොත් එය ජාතික ඔලිම්පික් කමිටු තහනමක් බවට පත්විය හැකියි.
එවිට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙලට මෙරට කිසිදු ක්‍රීඩකයෙක්ට යාමට හැකිවන්නේ
නැහැ. එහි වරද ක්‍රීඩා අමාත්‍යවරයාට පැටවෙනු ඇති. ජාතික ඔලිම්පික් කමිටුවේ
සිදුවෙමින් ඇත්තේ මෙයයි. ක්‍රීඩා අමාත්‍යාංශය හා වගකිවයුත්තන් එය තේරුම් ගත
යුතුයි.
No comments