• Breaking News

    ඕස්ට්‍රේලියා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ඉල්ලා අස්වෙයි

    එංගලන්තය සමග මේ වන විට පැවැත්වෙන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාව ජයගෙන සිටියදී එරට පුහුණුකරු ඩැරන් ලීමන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මෙම ඉල්ලා අස්වීමටත් හේතුවක් ඔහු පවසන්නේ නැහැ. කෙසේ වෙතත් මෙතෙක් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන නැහැ. පුහුණුකරුගේ ඉල්ලා අස්වීම වෙනත් රටක ඉල්ලීමක් විය හැකියි.

    මේ වන විට බංග්ලාදේශයට ප්‍රධාන පුහුණුකරුවෙක් ඇත්තේ නැහැ. ඒ චන්දික හතුරුසිංහ මහතා ඉල්ලා අස්වී ශ්‍රී ලංකාව සමගින් එක්වීම හේතුවෙනුයි. 2015 ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව දිනා ගිනිද්දී ප්‍රධාන පුහුණුකරු ලෙස සිටියේද ලීමන්. ඔහු පසුගිය කාලයේ හතුරුසිංහ මෙන්ම සාර්ථක පුහුණුකරුවෙක් බව ඔප්පු කර අවසන්.

    No comments