යොවුන් ක්‍රිකට් කණ්ඩායම කාටත් හොරන් නම් කරලා
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට්
කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කෙසේ වෙතත් මෙම යොවුන් කණ්ඩායමට ඇතුලක් ක්‍රීඩකයින්
15 දෙනා කවුරුන්දැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් ප්‍රකාශ කර නැහැ. මෙලෙස
කණ්ඩායම පූර්ව නම් කිරීමකින් තොරව පිටත්ව යෑම සැකයට හේතුවී තිබෙනවා. කිසිම
ගැටළුවක් නැත්නම් කණ්ඩායම නම් නොකලේ ඇයි ? මාධ්‍යට නිකුත් නොකළද ශ්‍රී ලංකා
කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අනුමැතිය ලබා දී සතියකට වඩා වැඩි
කාලයක් බවයි වාර්ථා වන්නේ. මේ අනුව කණ්ඩායමේ කොස්සක් තිබිය යුතුම බව අමුතුවෙන්
කිව යුතු නැහැ. එසේ නොමැති නම් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබූ විගස මාධ්‍යට නිකුත් කිරීම සාමාන්‍ය පිලිවෙතයි. සුමතිපාල ඇතුලු නඩය මේ විනාශ කරන්නේ ආගමට පමණක් දෙවනි වූ ශ්‍රී
ලංකා ක්‍රිකට් බව යලි යලිත් මතක් කර දිය යුතුයි. තිලංග සුමතිපාල මහතාගේ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය උපදේශකයකු ලෙස කටයුතු කරන
පුද්ගලයෙක් යොවුන් ක්‍රිකට් තේරීම් කමිටුවේ සිටිනවා. මෙම කණ්ඩායම පිටත්ව යන
තුරු මාධ්‍යයෙන් සැගවීමට ඔහු උපදෙස් දුන්නා වත් ද ? මීට පෙරත් මාධ්‍යට නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දෙන්නේ නැතැයි මෙම පුද්ගලයාට චෝදනා එල්ලවුණා. ඒවා නිවරදි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු නොකලේ ඒවා සත්‍ය සහ ඔවුන්ද පිලිගන්නා නිසා විය හැකියි.
EVENT: Religious Activities
& the Official Photograph of the Sri Lanka team leaving for the ICC Under
19 Cricket World Cup 2018
DATE:
27th December, 2017
VENUE: Sri Lanka Cricket, Special
Marquee ( Entering through SSC Gate, adjoining the Bank ATM)
TIME:
5.00 pm
AGENDA
5.00 pm – Religious ceremony
5.20 pm – Official Photograph
5.30 pm – Address by the President of Sri Lanka Cricket, Mr. Thilanga
Sumathipala
යොවුන් ලෝක කුසලාන ක්‍රිකට්
තරගාවලියේ ජනවාරි 03 වැනිදා සිට නවසීලන්තයේදී පැවැත්වීමට නියමිතයි.
No comments