වෝනර් දැවීගොස් ශතකය රැස්කරයි
අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 4 වන ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියා
ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අපූරු ඇබැද්දියකට
මුහුණ දුන්නා. ඔහු ලකුණු 99 ක් ලබා සිටියදී උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.
එහෙත් එය නිපන්දුවක් ලෙස තෙවන විනිසුරු දැනුම් දුන්නා. මේ අනුව තවදුරටත් කඩුල්ලේ
රැදී සිටීමට ඔහු වාසනාවන්ත වුණා. ඒ අවසරයෙන් සිය 21 වන ශතකය රැස්කිරීමට වෝනර් සමත්
වුණා. මේ අනුව තරගයේ පළමු දිනය නිමාවේ පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව කඩුලු
03 ක් දැවී ලකුණු 244 ලබා සිටියා. එංගලන්තය මේ වන විට පවත්වා ඇති ටෙස්ට් තරග 03 ම
පරාජය වී අවසන්. වෝනර් දැවී ගිය නමුත් නිපන්දුවක් වීම හේතුවෙන් ඉන් බේරුණු ආකාරය
හා ශතකය රැස් කිරීම පහතින් බලන්න.
No comments