• Breaking News

    කාන්තාවන් ලබා දී අනුමැතිය ගත්ත ක්‍රීඩා පිටිය

    හෝමාගම දියගම ක්‍රීඩා පිටියේ කෘතිම ධාවන පථය සදහා අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ අනුමැතිය ලබා ගත්තේ අපූරු ක්‍රමයකට බව බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ නිලධාරියාව ගුවනින් රැගෙන ගොස් මේ ක්‍රීඩා පිටිය හා ධාවන පථය බව පැවසීමයි. ඊට පෙර කාන්තාවන් ලබාදී සන්තරපනය කල බවටත් රාවයක් පැවතුනා. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ධාවන පථය පුහුණුවීම් සදහා යෝග්‍ය බවට අනුමැතිය හිමිවීමයි. කෙසේ වෙතත් ක්‍රීඩා පිටියේ දිවිය නොහැකි බවට ක්‍රීඩක ක්‍රීඩිකාවන් මැසිවිලි නැගුවද එය අදෝනාවක් වීමට පැවති රජය ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ ක්‍රීඩා පිටිය පිලිබද සත්‍ය කථාව කිවහොත් නවතින්න වෙන්නේ මිනී පිට්ටනියේ ලෙස මතයක් සමාජගතව පැවතීම හේතුවෙනුයි.
    මේ වන විට හෝමාගම දියගම ක්‍රීඩා පිටිය ඇතුලු කලාපය ක්‍රීඩා ඇකඩමියක් බවට පත්කිරීමට අවශ්‍ය සැලසුම් සකස්වී අවසන්. එහි කෘත්‍රිම ධවන පථය ඇතිරීම හා මලල ක්‍රීඩා පිටිය වැඩිදියුණු කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඒ සදහා රුපියල් මිලියන 310 ක් CML – Construction Ltd  ආයතනයට ලබාදීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. මෙවර හෝ නිවරදි සහ ප්‍රමිතියට අනුව කෘත්‍රිම ධවන පථය ඇතිරීම සිදුවේවායි යන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පැතුමයි.


    No comments