• Breaking News

    21 එන හතුරුසිංහට බැරි දේ

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම යලිත් ගොඩනැංවීම සදහා ප්‍රධාන පුහුණුකරු ලෙස ලබන දෙසැම්බර් 20 වැනිදා සිට නිල වශයෙන් චන්දික හතුරුසිංහ මහතා කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඔහු බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස පසුගිය කාලයේ කටයුතු කළා. හතුරුසිංහ මහතා එහි වැඩ ආරම්භ කළ පසු වෙනස්කම් රැසක් සිදුකළා. ඊට ඇතැම් ක්‍රීඩකයින්ගේ කැමැත්තක් තිබුනේ නැහැ.  එහෙත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ඊට පූර් ණ නිදහස ලබා දුන්නා. ඒ හේතුවෙනුයි අද වන විට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙතරම් දුරක් ගොස් ඇත්තේ.

    කෙසේ වෙතත් මාස දෙකක සිට ප්‍රධාන පුහුණුකරු ලෙස නොනිල මට්ටමෙන් කටයුතු කළා. අනිද්දා සිට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට නායකයා නම් කිරීමේ සිට කණ්ඩායම නම් කිරීම දක්වා කටයුතු සිදුවුනේ හතුරුසිංහ මහතාගේ පූර් ණ අධීක්ෂණය යටතේයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශාල ප්‍රගතියක් හතුරු පැමිණි විගස සිදුවනු ඇතැයි බලාපොරොත්තුවීම මුලාවක්. ඊට කාලයක් ගතවනු ඇති. ඒ ඔබේ ජයග්‍රහණ පිපාසය සංසිදුවීම පිනිසයි. කෙසේ වෙතත් විශල ප්‍රගතියක් නම් නිසැකවම අත්වනු ඇති. ඒ හේතුවෙනුයි වත්මන වැඩිම මුදලක් උපයන ක්‍රිකට් පුහුණුකරු බවට ඔහු පත්ව ඇත්තේ. ඔබ මතක තබා ගතයුතු කරුණක් තිබෙනවා. ඒ චන්දික හතුරුසිංහ මහතා පැමිණෙන්නේ ක්‍රීඩකයකු ලෙස නොව පුහුණුකරුවෙක් ලෙස පමණක් බවයි. තරග ජයග්‍රහණය කළ යුත්තේ ක්‍රීඩකයන්. ඊට මෙහෙයවීම පමණයි පුහුණුකරුවෙක්ගෙන් බලාපොරොත්තු වන්නේ. එමෙන්ම හතුරුසිංහ යනු මැජික් කරුවෙක් නොවේ. ඔහුට ප්‍රාතිහාරයන් පෑමට නොහැකි බවත් මතක තබා ගන්න.

    No comments