• Breaking News

    ඇමති දයාසිරි ඇමති චන්දිමව දොට්ට දාපු හේතුව

    නිලවරණය නිසිපරිදි නොපැවැත්වීම ඇතුළු තවත් හේතු කිහිපයක් නිසා අක්‍රමවත්ව පැවති ජාතික කබඩි සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය 2017.12.06 දින නිකුත් කෙරී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසනවා. ඔවුන් නොදැන නිකුත් කල  අති විශේෂ ගැසට් නිවේදනයක් දැයි මේ පිලිබද නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයට අනුව ප්‍රශ්නයක් මතුවනවා. දැනුවත්ව නිකුත් කලේ නම් තිබිය යුත්තේ නිකුත් කළ බවයි. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 (අ) සහ 33 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරටයාට පැවරී ඇති බලතල අනුව මෙය සිදුවී ඇතැයි සදහන්. ලියපාදිංචි අත්හිටුවීමෙන් පසු ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ කටයුතු තවදුරටත් පවත්වාගෙන යාමේ තාවකාලික කාර්යක්‍රමයක් වශයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහකා 2017.12.04 දින සිට නිසි බළදාරියා වශයෙන් පත්කර ඇත. ඒ අනුව ඉදිරි සති දෙකක කාලය තුළ ජාතික කබඩි සම්මේලනයේ 2017 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කිරීම සඳහා නාමයෝජන කැඳවා ඇති නිලවරණය පවත්වා අවසන් කිරීමට ගරු ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් නියම කර ඇත.
    මෙලෙස නියමිත දිනට නිලවරණය පැවැත්වූයේ නැත්තේ ගිණුම් විගණනය කර නොතිබීම හේතුවෙන්. එහෙත් ගිණුම් විගණනය විගණකාධිපති ලබා දී මේ වන විට මාසයකට අධිකයි. එහෙත් මෙතෙක් නිලවරණය පැවැත්වීමට අදාල කිසිවක් ඔවුන් සිදු නොකිරීම හේතුවෙනුයි ක්‍රීඩා අමාත්‍යවරයා මෙම පියවර අනුගමනය කර ඇත්තේ. ජාතික කබඩි සම්මේලනයේ සභාපති ලෙස කටයුතු කලේ අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතායි. ලක්සිරි රත්නායක ලේකම් ලෙස කටයුතු කළා. පසුගිය වසර දෙකේ ඔවුන් කටයුතු කල අතර නිලවරණය පැවැත්විය යුතුව තිබුනේ 2017 - මැයි මස 37 වනදාට පෙරයි.



    No comments