• Breaking News

    මුදලට යටවී ක්‍රිකට් ක්‍රීඩකයින් අමාරුවේදාපු හැටි

    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ක්‍රීඩකයින් දැඩි අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකිවුණා. එහෙත් මෙම තරගය අතරමැද නතරකර ක්‍රීඩකයින් අපහසුතාවයෙන් ගලවා ගැනීමට දෙරටේම පරිපාලකයින් කටයුතු නොකිරීම කැපී පෙනෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයද ඊට කිසිවක් සිදුකලේ නැහැ. මේ හේතුවෙන් සුරංග ලක්මාල් ඇතුලු ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ක්‍රීඩපිටියේදී විවිධ සංකූලතාවන්ට ලක්වන ආකාරයක් දක්නට ලැබුණා.
    මෙම තරගය නතරකිරීමට දෙරටේම ක්‍රිකට් පාලක මණ්ඩල කටයුතු නොකලේ මුදල් කන්දරාවක් ඉන් අහිමිවීම හේතුවෙන් බවයි විචාරකයින් පවසන්නේ. කොල්කටා ෆෙරෝස් ශාර් කොට්ලා ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් තරගය මෙය වනු ඇතැයි ඇතමුන් පවසනවා. කෙසේ වෙතත් මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා විශිෂ්ඨ ලෙස දෙවන ඉනිමේදී ක්‍රීඩා කිරීම පැසසිය යුතුයි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 07 ක් දැවී ලකුණු 536 ක් ලබා සිටියදී ඉන්ම අත්හිටවූවා. පිලිතුරු ලෙස ශ්‍රී ලංකාව 373 ක් ලබා ගත්තා. ලකුණු 163 ක් ඉදිරියේ සිටිමින් දෙවන ඉනිම ඇරඹූ ඉන්දියාව ලකුණු 246 ක් ලබා සිටියදී යලිත් ඉනිම අත්හිටවුවා. මේ අනුව ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය 410 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවුණා. එය හඹා යාම ආරමුභකල හතරවන දිනය නිමාවේ ශ්‍රී ලංකා දෙවන ඉනිමේ කඩුලු 03 ක් දැවී ගියේ ලකුණු 31 ක් වෙද්දීයි. අනතුරුව වගකීම් සහගත ඉනිමක් දියත්කළ ධනංජය ද සිල්වා ලකුණු 119 ක් ඉනිමට එක්කර තිබියදී පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වුණා. අනතුරුව මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තා. ඔහුට අනගි සහයක් වූ නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 44 යි. අවසන් දිනය වූ අද තරගය නතර කරන විට ශ්‍රී ලංකාව ජයග්‍රාහණයට තවත් ලබා ගත යුතුවූයේ ලකුණු 111 ක් පමණයි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද එය ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව කාට නම් කිව නොහැකිද ?


    No comments