එක්දින ක්‍රිකට් කණ්ඩායම අමාරුවේ දාපු කෙනා
ඉන්දියාව සමග පැවැත්වීමට
නියමිත එක්දින තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කිරීම ප්‍රමාදවුයේ චන්දික
හතුරුසිංහගේ අනුමැතිය ලබාගැනීම සදහා යොමුකරීමට කටයුතු කිරීම හේතුවෙන් බව ක්‍රීඩා
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ක්‍රීඩා අමාත්‍ය අනුමැතිය ලබාගැනීමට එය
යොමුකිරීම ප්‍රමාදවූයේ ඒ හේතුවෙන් බව සදහන්. මින් අපහසුතාවට ලක්වූයේ එක්දින
සංචිතයේ ක්‍රිකට් ක්‍රීඩකයින් පමණයි.
චන්දික හතුරුසිංහ ශ්‍රී
ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ලබන ජනවාරියේ සිට සේවය කරනු ඇති. ඔහුගේ මතයට
අනුවයි තිසර පෙරේරා එක්දින හා පන්දුවාර 20 නායකයා ලෙස නම්කලේ. මේ අතර තරගාවලියක්
සදහා කණ්ඩායම නම් කිරීමට තේරීම් කමිටුව කැදවිය යුත්තේ ලේකම්වරයායි. තේරීම් කමිටුව
කණ්ඩායම නම් කිරීමෙන් පසු එය ලබාදෙන්නේද ලේකම්වරයාටයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම්
කමිටුව එක්දින සංචිතය නම්කිරීම සදහා මෙම ක්‍රමපටිපාටියම අනුගමනය කර ඇතැයි සදහන්. ක්‍රීඩා
අමාත්‍යවරයාගේ අනුමැතිය සදහා යොමුකළයුතු වන්නේද ලේකම්වරයායි. මෙහිදී ඒ කිසිවක් සිදුකර
නැහැ. මේ අනුව ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවට පත්වීමට වගකිව යුත්තේ එහි ලේකම් මොහාන්
ද සිල්වායි. ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ මෙහිදී පූර්ව ගුවන් ප්‍රවේශ පත්‍ර මිලදී
ගැනීමෙන් සිදුවූ හානිය නිලධාරීන් ප්‍රතිපූර්ණය කළයුතු බවයි. එම කටයුත්තට කර දෙන
නිලධාරියා කවුරුන් වෙයිද ?
No comments