• Breaking News

    බංග්ලාදේශය හතුරුසිංහව නිදහස් කරයි

    බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කල් කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතාව සිය ගිවිසුමෙන් නිදහස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා. මීලග ක්‍රිකට් ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස ගිවිසුම් ගතව සිටියේ චන්දික හතුරුසිංහ මහතායි. ඔහු පසුගිය සැප්තැම්බර් මාසයේදී හෝ ඊට ආසන්න දිනක ඉල්ලා අස්වීමේ ලිපිය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණා. එහෙත් එය ඔවුන් පිලිගැනීමට කැමතිවූයේ නැහැ. ඉල්ලා අස්වීමට හේතුව දැනුම් දෙන ලෙස එරට ක්‍රිකට් ආයතනය දිගින් දිගටම දැනුම් දුන්නා. එහෙත් ඊට ඔහු පිලිතුරක් ලබාදුන්නේ නැහැ.

    කෙසේ වෙතත් පසුගිය මාසයේදී මෙරට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ චන්දික හතුරුසිංහ මහතා ලබන වසරේ සිට මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වනු ඇති බවයි. ඊට පසුව හතුරුසිංහ මහතා බංග්ලාදේශ සේවා ගිවිසුමෙන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශය දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස හතුරුසිංහව බදවා ගැනීමට තමන්ගේ කිසිදු විරෝධයක් නැති බවයි. මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලැස්ම සාර්ථක වී අවසන්. මේ අනුව ලබන වසරේ මුල සිට හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.


    No comments