චෙරන්තගෙන් නව තරග වාර්තා 5ක්
පසුගිය
1 හා 2 දා පැවති 7වැනි සිංගප්පූරු
ජාතික ෂෝර්ට් කෝස් ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා පිහිනුම් ශූර චෙරන්ත ද සිල්වාගෙන්
නව තරග වාර්තා 5ක් තැබීමට සමත් වී තිබෙනවා. ඒ මීටර් 50 නිදහස් ආර තත්පර 22.55 (මින්
පෙර වාර්තාව මැතිව්ස් අබේසිංහ තත්පර 22.93 2015දී), මීටර්
100 නිදහස් ආර තත්පර 49.29 (මින් පෙර වාර්තාව මැතිව්ස් අබේසිංහ තත්පර 49.75
2015දී), මීටර් 50 සමනළ ආර තත්පර 23.48 (මින් පෙර වාර්තාව
මැතිව්ස් අබේසිංහ තත්පර 24.66 2015දී), මීටර් 100 සමනළ ආර
තත්පර 52.19 (මින් පෙර වාර්තාව මැතිව්ස් අබේසිංහ තත්පර 53.69 2015දී), මීටර් 200 සමනළ ආර විනාඩි 1.57.99 (මින් පෙර වාර්තාව චෙරන්ත ද සිල්වා
විනාඩි 2.04.22 2017දී) වශයෙනුයි.
තවමත් 21වැනි පසුවන චෙරන්ත ද සිල්වා
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
හිටපු පිහිනුම් ශූර හා ප්‍රවීණ
පිහිනුම් පුහුණුකරු ජූලියන් බෝලිං මහතා යටතේ පිහිනුම් ක්‍රීඩාවට අත් පොත් තැබු
චෙරන්ත ද සිල්වා 2015 වසරේදී පිහිනුම් ක්‍රීඩාව සදහා FINA ආයතනයේ ශිෂ්‍යත්වයක් ලබා මේ වන විට 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා
උළෙල සඳහා පුහුණුව ලබමින් සිටිනවා. 2016 වසරේදී ඉන්දියාවේ පැවති දකුණු
ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් 6ක් දිනා ගැනීමට චෙරන්ත ද සිල්වා සමත්වූ බව ඔබට මතක ඇති.
No comments