• Breaking News

    හතුරුසිංහට බංග්ලාදේශය එපා කළ SLC මෙහෙයුම

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා චන්දික හතුරුසිංහ මහතා පත්කිරීමට නියමිතයි.  ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයා මෙය යලිත් තහවුරු කළා. පසුගිය ජුනි 26 වැනිදායි අප මෙය සියල්ලන්ට පෙර වාර්ථා කළේ. බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු තනතුරෙන් චන්දික හතුරුසිංහ මහතා ඊයේ ඉල්ලා අස්වුණා. ඒ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාරගැනීමටයි.

    කෙසේ වෙතත් 2019 වසර දක්වා හතුරුසිංහ මහතා බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය සමගින් ගිවිසුම් ගතව සිටියා. මේ අනුව ඔහු එම තනතුර අතහැර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාර ගතහොත් විශාල වන්දියක් ගෙවිය යුතුයි. මෙලෙස ඉල්ලා අස්වී ටික කලකට පසු ඔහු නව තනතුර භාර ගත්විට නීතියෙන් රිංගා යා හැකියි. මෙම මෙහෙයුමේ නිර්මාතෘ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා බවයි වාර්ථා වන්නේ. ජනවාරි පළවැනිදා සිට චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය භාරගනු ඇති. මෙම මෙහෙයුමේ එක් පියවරක් ලෙසයි හිටි හැටියේ බංග්ලාදේශ පිතිකරු පුහුණුකරු ලෙස සිටි තිලාන් සමරවීර මහතා මෙරට පිතිකරු පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තේ.

    පෙර ලිපිය

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට හතුරුසිංහගේ ගුරු හරුකම් ?



    No comments