බාලගිරි නිමාව ජනේරුවේ
ජාතික ඔලිම්පික් කමිටු
නිලවරණය ජනවාරි 09 වැනිදා පවත්වන බව එහි සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.
2009 වසරේදී පැවැත්වූ පසුවයි මෙවර එය පැවැත්වෙන්නේ. 2013 වසරේදී මෙම නිලවරණය
පැවැත්විය යුතු වුවත් එය සිදුවූයේ නැහැ. ඒ එවකට සිදුවූ දේශපාලන අතපෙවීම් හා විවිධ හේතු
මුල්කර ගනිමින්. ජාතික ඔලිම්පික් කමිටු මහ සභා රැස්වීමක් කාලයකට පසු ඊයේ පැවැත්වුණා. එහිදී නව ක්‍රීඩා සංගම් 02 කට පූර්ණ සාමාජිකත්වය ලබාදුන් අතර තවත්
සංගම් 05 කට ඉදිරි විධායක කමිටුවේ අනුමැතිය ඇතිව පූර්ණ සාමාජිකත්වය ලබාදීමටත්
එකගතාව පළවුණා. එහෙත් එය පවත්වන දිනය මෙතෙක් ප්‍රකාශයට පත්ව නැහැ.
මේ අතර නව ව්‍යවස්ථාවකටද
එහිදී අනුමැතිය හිමිවුණා. එය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කර අනුමැතිය
ලබාගැනීමට නියමිතයි.
No comments