NOC සටනට එන පොදු අපේක්ෂක
NOC නව ව්‍යවස්ථාව පසුගියදා
අනුමත වූ අතර ජනවාරි 09 වැනිදා ඉදිරි නිලවරණයට දින නියම වුණා. මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිවරයා මෙන් පොදු අපේක්ෂකයකු ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට ඉදිරිපත්වී
තිබෙනවා. ඔවුන් දෙදෙනා සමාන වන කරුණු රැසක් පෙන්වා දිය හැකියි. වත්මන් සභාපති
හේමසිරි ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපතිවරයා මෙන් සදා කල් බලයේ රැදී සිටීමට
හැකිලෙස ජාතික ඔලිම්පික් කමිටු ව්‍යවස්ථාව සකස්කර තිබුණා. ඒ මහිමයෙන් ඔහු වසර 22
ක් සභාපති ලෙස බලයේ රැදී සිටිනවා. ඔහුගේ මුල් කාලය ප්‍රගතිශීලී වුවත් වර්තමානය
එසේ නැහැ. මීලග නිලවරණයට ඉදිරිපත් නොවන බව ඔහු ප්‍රකාශකළත් ව්‍යවස්ථාව වෙනස්කිරීමට
කටයුතු කළේ නැහැ. එහෙත් මීලග සභාපති අපේක්ෂක රොහාන් ප්‍රනාන්දු මහතාගේ පාර්ශවය නව
ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමේදී ඊට සංශෝදනයක් ඉදිරිපත් කළා. ඒ ජාතික ඔලිම්පික්
කමිටුවේ සභාපති සහ ලේකම් යන ප්‍රධාන තනතුරු සදහා දෙවරකට වඩා වැඩි ප්‍රමාණයක් එක්
අයෙකුට ඉල්ලුම් කළ නොහැකි බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එලෙසම ව්‍යවස්ථාව
වෙනස් කළා.
ජනාධිපතිවරයා මැතිවරණයට
ඉදිරිපත්වූයේ පොදු අපේක්ෂකයා ලෙසයි. රොහාන් ප්‍රනාන්දු මහතා මෙවර ජාතික ඔලිම්පික්
කමිටුවේ නිලවරණයට ඉදිරිපත් වන්නේ ද පොදු අපේක්ෂකයා ලෙසයි. සියල්ලන් පැවසුවේ කිසිවකුට
ජනාධිපති මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට නොහැකි බවයි. වත්මන්
සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කරන අපේක්ෂකයා පරාජය කිරීම එසේම කිසිවකුට
නොහැකි බවයි ඇතමුන් පවසන්නේ. එහෙත් මෙවර එම මතය පරාජය වීමේ වැඩි ප්‍රවනතාවත්
තිබෙනවා.
2013 වසරේදී ජාතික
ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට සූදානම් වූ විට වත්මන් සභාපති හේමසිරි ප්‍රනාන්දු
මහතා සිය අනුප්‍රාප්තිකයා ලෙස නම් කළේ වත්මන් සභාපති අපේක්ෂක රොහාන් ප්‍රනාන්දු
මහතාවයි. මෙවර ඔහුගේ හතුරා වන්නේද රොහාන් වීම විශේෂත්වයක්. මහින්ද LTTE පරාජයට පත්කළාක් මෙන්
2013දී හේමසිරි ප්‍රනාන්දු මහතා ද හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
මහතාවද පරාජය කළා. මෛත්‍රී LTTE ඉලක්කයක් වූවා මෙන්ම
2013 දී රොහාන් එවකට අනෙක් සභාපති අපේක්ෂක අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ඉලක්කයක් වුණා.
No comments