ශ්‍රී ලංකාවේ 14 ක් ඉන්දියාවට පන්දු යවයි
ඉන්දීය තරග සංචාරයක නිරත
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්වූ දෙදින පුහුණුතරගය ජය පරාජයෙන් තොරව අවසන් වී
තිබෙනවා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ඉන්දීය සභාපතිගේ කණ්ඩායම පළමුව පන්දු යැවීමට
තීරණය කළා. ඔවුන් සිතුවේ ශ්‍රී ලංකා ඉනිම ඉක්මනින් අවසන් කිරීමටයි. එහෙත්
අත්දැකීම් ඇතැයි සැලෙකෙන පිතිකරුවන් අසාර්ථක වෙද්දී නවක පිතිකරුවන් වගකීමෙන් පන්දුවට පහරදුන්නා. පිතිකරුවන් 04 දෙනෙකු අර්ධ ශතක වාර්ථා කරද්දී දිල්රුවන් පෙරේරා
ලකුණු 48 ක් ලබා ගත්තා. සටන්කාමී ඉනිමක නිරත වූ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 36 යි.
මේ අනුව ශ්‍රී ලංකාව කඩුලු 09 ක් පමණක් දැවී ලකුණු 411 ක් පළමු ඉනිමට ලබා ගත්තා.
සිය ඉනිම ඇරඹු ඉන්දිය
පිතිකරුවන්ට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඉඩ ලබා දුන්නේ නැහැ. හුදකළා සටනක නිරත
වෙමින් එරට නායක සන්ජු විස්වනාත් ලකුණු 128 ක් ලබා ගත්තා. ලහිරු තිරිමාන්න ආරම්භක
පන්දු යවන්නකු වෙමින් කඩුලු 02 ක් ඩැහැ ගත්තා. කඩුලු රකින්නා හැර සංචිතයේ ක්‍රීඩකයින්
14 දෙනාම මෙහිදී පන්දු යැවීම කැපී පෙනෙනවා. ආරම්භක පිතිකරු වූ දිමුත් කරුණාරත්න ආරම්භක
පන්දු යවන්නා බවට ද පතිවීම විශේෂත්වයක්. නායක දිනේෂ් චන්දිමාල්ද පන්දුවාරයක් යොමුකිරීම
කාගේත් අවධානය දිනා ගත්තා. මේ අනුව කඩුලු 05 ක් දැවී ඔවුන් ලබා ගත්තේ 287 ක්
පමණයි. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 16 වැනිදා කල්කටා හිදී පැවැත්වීමට නියමිතයි.
No comments