• Breaking News

    ගුරු හොරු නිසා පාසල් ක්‍රිකට් විනාසයි


    ලංකාවේ ක්‍රිකට් වල මූලික අඩිතාලම වැටෙන්නෙ පාසල් වලයි. පාසල් ක්‍රිකට් මෙහෙයවන්නෙ පාසල් ක්‍රිකට් සංගමයයි. දැන් කාලෙක ඉඳන් පාසල් ක්‍රිකට් සංගමයත් ගුරුහොරුන්ගෙ තිප්පොලක් බවට පත්වෙලා ඉවරයි.

     

    රට පුරා පාසල් තරගාවලි සංවිධානය කිරීම මොවුන්ගෙ ප්‍රධාන කටයුත්ත වුණත් පාසල් සංගමේ විධායක කමිටුවට රිංගන්න තියෙන බල තණ්හාව නිසා ගුරුහොරු ටිකත් ක්‍රිකට් මහ හොරු තරමටම හොර රැළක් වෙලා. 


    අන්තිමට තිබුණු පාසල් ක්‍රිකට් නිලවරණය අන්ත දූෂිත එකක් වුණා. නැවත වරක් සභාපති වෙන්න නාලන්ද හිටපු විදුහල්පති වත්තුහේවා  ගැහුවෙ නියම ගේමක්. යළිත් ලේකම් වෙන්න ඉන්ද්‍රජිත් නම් ගුරුහොරාගෙන් ඒ ගේමට ලැබුණෙ හොඳ සහයක්.

     

    පාසල් ක්‍රිකට් විධායක සභාවෙ ඉන්න හැම ගුරුහොරෙක්ම ක්‍රිකට් තියා ඇටබෝලවත් ගසා නැහැ. ඒත් ලේකම් ඉන්ද්‍රජිත් ක්‍රිකට් විනිසුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා.

    ඒ අතර 19 න් පහළ ජාතික කණ්ඩායමක් තෝරන විට එහි පාසල් නියෝජිත  ලෙසත් කටයුතු කරනවා. ලේකම් ධූරයට ක්‍රිකට් ආයතනයෙන් මාසිකව හැත්තෑපන්දහක දීමනාවක්ද කණ්ඩායම් වල පාසල් නියෝජිත ලෙස කටයුතු කරද්දී ඩොලර් දීමනාවකුත් ලබන ඉන්ද්‍රජිත් තමන්ගෙ පාසලේ පැත්ත පළාතකවත් නොයන අතර පාසල් නියෝජිතයන්ගේ දුරකථන ඇමතුම් වලටවත් පිළිතුරු නොදෙන බවට ලොකු චෝදනාවක් තියෙනවා. 

    අධ්‍යාපන ඇමතිනී හරිනි හරි නම් මේ ගුරුහොරු ගැන වහාම සොයා බැලිය යුතුයි.


    පාසල් සංගමේ සංවිධානය කරන තරගාවලි වල වෙනදා සිදු කෙරෙන ත්‍යාග ප්‍රධානෝත්සව පවා දැන් නොකෙරෙන අතර තරගාවලි රැසක් අවසන් නොකර අතර මග නවත්වා ඇතැයි lankasportsnews වාර්තා කරන්නෙ වගකීමෙන් යුතුවයි.


    පාසල් ක්‍රිකට් තරග අසංවිධානාත්මකව පැවැත්වීම නිසා පාසල් ක්‍රිකට් මට්ටමද බරපතල ලෙස,කඩා වැටී තිබෙනවා. මේ හේතුවෙන් ලංකාවෙ ක්‍රිකට් අනාගතය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පාසල් ක්‍රිකට් වලට අරක් ගත් ගුරුහොරු  රැළ ඉන්නකල් පාසල් ක්‍රිකට් වලට අබ සරණයි.

    No comments