• Breaking News

    නුවන් ප්‍රදීප්ට සති දෙකක විවේකයක්

    සංචාරක ඉන්දියාව සමග මේ වන විට පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ආබාදයකට ලක්වූ නුවන් ප්‍රදීප්ට සති දෙකක විවේකයක් ගැනීමට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. කලව ප්‍රදේශයේයි මෙම ආබාධය ඇතිව ඇත්තේ. සිය 17 වන පන්දුවාරයේ පන්දු 04 ක් යවා තිබියදීයි ඔහු ආබාධයකට ලක්වුනේ. මෙම පන්දුවාරයේ ඉතිරි පන්දු දෙක යොමුකලේ නවක පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාරයි.
    කෙසේ වෙතත් මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 09 ක් දැවී ලකුණු 622 ක් ලබා ගත්තා. එම ඉලක්කය හඹා යාමට පටියට පිවිසි ශ්‍රී ලංකාව දැඩි අසීරු අඩියකට වැටී සිටිනවා. ඉනිමක පරාජයෙන් බේරීම සදහායි ශ්‍රී ලංකාවට දැන් සිදුව ඇත්තේ. මෙම තරඟය බොහෝ විට දින 04 කින් නිමාවනු ඇතැයිද විචාරකයන් පවසනවා.

    No comments