මෙරට පිතිකරුවන්ට වෙච්ච දේ
ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවන ඉණිම වෙනුවෙන් ශතක රැස් කර ගැනීමට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 110 ක් රැස්කරගෙන සිටියදීයි. ශ‍්‍රී ලංකා කණ්ඩායම අද දිනය නිමාවේ කඩුලු දෙකක් දැවී ලකුණු 209 ක් ලබාගෙන සිටියා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 92 ක් ලබාගෙන සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 230 ක් පසුපසිනුයි සිටින්නේ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් සංචාරක ඉන්දියාව කඩුලු 09 ක් දැවී ලකුණු 622 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටවූවා. ඊට පිලිතුරු ලෙස ශ්‍රී ලංකාවට පළමු ඉනිමට ලබාගත හැකිවූයේ සියල්ලන් දැවී ලකුණු 183 ක් පමණයි. තරගයේ තුන්වන දිනය අදයි.තරගය පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක‍්‍රීඩා පිටියේදීයි.

No comments