පාලිතත් බලා ඉද්දී ඈපාට සොච්චමක් දෙන්න ඉරාන්ලාට ලැජ්ජා නැද්ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසය තුළ පාලිත පෙරේරා හා ප්‍රේමසර ඈපාසිංහ යුගළට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. ලංකාව ටෙස්ට් ක්‍රිකට් වරම් ලැබීම හා ලෝක ශූරයන් බවට පත්වීමේ කතන්දරයේදී ක්‍රිකට් ගමට ගෙනගොස් එහි ජනප්‍රියත්වය රට පුරා ගෙන යාමට මේ දෙදෙනාගේ සිංහල රේඩියෝ විස්තර විචාරය හේතු වූ බව අවිවාදයෙන් පිළිගත යුතුයි.
ක්‍රිකට් විස්තර විචාරයේදී ජනප්‍රියත්වයට පත් බොහෝ සිංහල යෙදුම් නිර්මාණය කළේද මේ දෙදෙනායි.
මේ දෙදෙනාම දැන් වයෝවෘද්ධයි. ඒ වගේම හොඳ ශරීර සුවයකින් පසුවෙන්නෙත් නෑ.
පසුගියදා පැවති ප්‍රේමසර හරසර උත්සවයකදී ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඔහුගේ සේවාව අගයනු පිණිස ඔහුට රුපියල් ලක්ෂ 5 ක මුදලක් පිරිනමනු ලැබුවා.
මෙය අගය කළ යුතු කටයුත්තක් වුවත් එහි අඩු පාඩු රැසක්ද දකින්න තිබුණා.
ප්‍රසිද්ධියක් ලබා ගනු පිණිස ලක්ෂ 5 ක් යනුවෙන් සඳහන් විශාල ඩමි චෙක් පතක් මෙහිදී ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න විසින් ප්‍රේමසරට මහත් ආඩම්බරයෙන් දෙන අයුරු අප දුටුවා.
ඇත්තටම ඉරාන් ඔබ ලැජ්ජා විය යුතුයි.මෙවන් මනුෂ්‍යයකුට ක්‍රිකට් ආයතනයෙන් සේවය අගැයීමක් ලෙස දෙන්නේ ලක්ෂ 5 ක්ද ?
වසර දෙකක් තුළ කෝටි 68 ක් බොරු නඩු වලට නීතිවේදීන්ට ගෙවූ විදෙස් සංචාරවල පර්ඩියම් ලෙස විධායක සභාවට කෝටි 45 ක් ගෙවූ ජෙරොම්ලා, ඈෂ්ලිලාට මසකට ලක්ෂ 30 ට වඩා ගෙවමින් සිටින ඇතැම් බොරුකාර කටින් කෝච්ලාට පවා ලක්ෂ 20 මසකට ගෙවන ලංකාවේ වැඩිම ඩොලර් ආදායමක් ලබන ආයතනය ලෙස ඈපාසිංහ වැන්නකුට ලක්ෂ 5 ක් දීම ගැන ඉරාන් ඔබ ඇත්තටම ලජ්ජා විය යුතුයි.මීට පෙර ටෙස්ට් තරග 100 ක් ආවරණය කළ ලකුණු සටහන් කරුවකුටද ක්‍රිකට් ආයතනය ලක්ෂ 5 ක් ලබා දුන්නා.
පහුගිය වකවානුවේ නෙට්බෝල් සංගමයට, ක්‍රීඩා අමාත්‍යාංශයට, රුමේෂ් තරංගලාට, ක්‍රිකට් ආයතනය නොමසුරුව කෝටි ගණනින් මුදල් ලබා දුන් බව අමතක නොකළ යුතුයි.( ඒ හැබැයි ෂම්මිලාය)
අනුන්ගේ උත්සවයකට ගොස් මේ චෙක්පත් ප්රදානය ඈපාසිංහට ලබා දෙද්දී ඔහු වැනිම පංගු කාරයකු වන පාලිත පෙරේරාට මෙය රූපවාහිනියෙන් නරඹද්දී මොනවා සිතෙන්නට ඇද්ද ? .
ක්‍රිකට් ආයතනය හරි නම් කළ යුතුව තිබුණේ තමන් වෙනම උත්සවයක් සංවිධානය කොට පාලිත හා ඈපාසිංහ යන දෙදෙනාටම අඩු තරමින් ලක්ෂ 25 ක් බැගින් හෝ ලබා දීමයි. ඔවුන් දෙදෙනාටම ඖෂධ මිළදී ගන්නට හෝ එය ප්‍රමාණවත් වනු ඇතැයි සිතිය හැකියි.

No comments